Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලියාපදිංචි නොකළ ක‍්‍රීඩකයන් තරගවලට සහභාගි කරවීම සහ තරගයකට සහභාගි නොවී නැවත පිටව යෑම යන සිද්ධීන් දෙකකට මහනුවර ධර්මරාජ විදුහලේ රග්බි ක‍්‍රීඩාව භාර ආචාර්ය සාලිය ඇලෙක්සැන්ඩර් මහතා වරදකරු කරමින් ඒ මහතාට වසරක තහනමක් පනවා තිබේ. ධර්මරාජ විදුහල් පිල වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරයි.
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව පසුගිය 10 වැනිදා ගල්කිස්සේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගයට ධර්මරාජ විදුහලේ ලියාපදිංචි නොවූ ක‍්‍රීඩකයන් තිදෙනකුට ක‍්‍රීඩා කිරීමට ඉඩ නොදුන්නේ යැයි පවසමින් එම විදුහල් කණ්ඩායම තරගයට සහභාගි නොවී නැවත පිටත්ව යෑම මෙම දඩුවම් පැනවීමට ප‍්‍රධාන සිද්ධිය බවට පත්විය.
මේ පිළිබඳ අවසන් පරීක්‍ෂණය මහනුවර ත‍්‍රිත්ව විදුහලේ පැවැති අතර එහිදී නිර්දේශ කළ දඩුවම් සඳහා පාසල් රග්බි සංගමයේ විධායක කමිටුවේ අනුමැතිය ඊයේ (20 වැනිදා) හිමිවිය. නොපැවැත්වූ තරගය වෙනුවෙන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට ප‍්‍රසාද ලකුණු 0.5 ත් සමගින් ලකුණු 5.5 ක් ලබාදීමට ද පාසල් රග්බි සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
ලබන වසරේ ‘ජනාධිපති’ කුසලාන තරගාවලිය දක්වා පාසල් රග්බි සංගමය සංවිධානය කරන කිසිදු තරගාවලියකදී කණ්ඩායම් බාර ආචාර්වරයා ලෙස කටයුතු කිරීමට මෙම තහනම හේතුවෙන් සාලිය ඇලෙක්සැන්ඩර් මහතාට නොහැකි අතර ඒ මහතාගේ පාසල් රග්බි සංගමයේ කමිටු සාමාජිකත්වය ද මෙම තහනමත් සමග අහෝසි වේ.
ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවැති තගරයේදී ද මෙම සිද්ධියට මූලික වූ ලියාපදිංචි නොවූ ක‍්‍රීඩකයන් තිදෙනා ධර්මරාජ විදුහල් කණ්ඩායමට ක‍්‍රීඩා කළ බවට හෙළි වී තිබේ.
ඒ අනුව එම තරගයේ තරග කොමසාරිස්වරයාවරයා ලෙස කටයුතු කළ කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ රග්බි බාර ආචාර්ය සනත් ඉලේපෙරුම මහතා නිසි පරිදි ක‍්‍රීඩකයන් පරීක්‍ෂා නොකිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති බැවින් සනත් ඉලේපෙරුම මහතාටද මේ වසර තුළ නැවතත් තරග නිලධාරියකු ලෙස කටයුතු කිරීම ද තහනම් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.