Last Update  :  2025-07-16 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby දෙවැනි වටය සෙනසුරාදා ඇරඹේ
අන්තර් පාසල් රග්බි ලීගය

දෙවැනි වටය සෙනසුරාදා ඇරඹේ

editorial - 2025 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය එළබෙන සෙනසුරාදා (19 වැනිදා) සිට ආරම්භ වනු ඇත. සති 4 කින් සමන්විත වන දෙවැනි වටය අගෝස්තු මස 10 වැනිදායින් නිමාවට පත්වීමට නියමිතය. 

දෙවැනි වටයේදී කුසලාන, පළඟ සහ බඳුන යන ශූරතා 3 සඳහා කණ්ඩායම් තරග වදින අතර පළමු වටයේදී දැක්වූ දක්ෂතා අනුව එක් ශූරතාවක් සඳහා කණ්ඩායම් 6 බැගින් එහිදී වෙන් වෙන්ව තරග වදිනු ඇත. ඒ අනුව සෑම සතියකදීම තරග 9 බැගින් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. 

මූලික වටයේදී ‘ඒ’, ‘බී’ සහ ‘සී’ ලෙස කාණ්ඩ 3 ක් යටතේ මෙම කණ්ඩායම් තරග වැදුණු අතර දෙවැනි වටයේදී ඔවුන්ට තමන් නියෝජනය කළ කාණ්ඩයෙන් දෙවැනි වටයට පිවිසි සෙසු කණ්ඩායම හැරුණුකොට අනෙක් කණ්ඩායම් 4 ට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත. 

කොළඹ වෙස්ලි, බම්බලපිටිය ශාන්ත පීතර, ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ ඉසිපතන, මහනුවර ත්‍රිත්ව සහ කොළඹ රාජකීය යන විදුහල් දෙවැනි වටයේදී තරගාවලියේ ප්‍රධානතම ශූරතාව වන කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා සිටියි. 

එහිදී කොළඹ ඩී.එස්. සේනානායක, කොළඹ ආනන්ද, මහනුවර කින්ස්වුඩ්, මරදාන සහිරා, මරදාන ශාන්ත ජෝෂප් සහ මහනුවර ශ්‍රී සුමංගල යන විදුහල් පළඟ ශූරතාව වෙනුවෙන්ද, කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගල්කිස්ස විද්‍යා, කොළඹ මහානාම, මහනුවර ධර්මරාජ, කොළඹ තර්ස්ටන් සහ මහනුවර විද්‍යාර්ථ යන විදුහල් බඳුන ශූරතාව වෙනුවෙන්ද තරග වදිනු ඇත. 

දෙවැනි වටය ආරම්භ කරමින් මෙම සතියේදී පැවැත්වෙන තරග 9 ම සෙනසුරාදා (19 වැනිදා) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සියලුම තරග පස්වරු 4.15 ට ආරම්භ වීමට නියමිතය. ඉන් තරග 7 ක් කොළඹදීද, තරග 2 ක් මහනුවරදීද පැවැත්වෙනු ඇත. 

කුසලාන ශූරතාව වෙනුවෙන්

  • ඉසිපතන විදුහල සහ වෙස්ලි විදුහල අතර හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී
  • ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී
  • සාන්ත තෝමස් විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී 

පළඟ ශූරතාව වෙනුවෙන්

  • සහිරා විදුහල සහ ඩී.එස්. සේනානායක විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී
  • ආනන්ද විදුහල සහ ශ්‍රී සුමංගල විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී
  • කින්ස්වුඩ් විදුහල සහ ශාන්ත ජෝෂප් විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී

බඳුන ශූරතාව වෙනුවෙන්

  • ධර්මරාජ විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
  • විද්‍යා විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී
  • මහානාම විදුහල සහ තර්ස්ටන් විදුහල අතර සුගතදාස ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

දෙවැනි වටය සෙනසුරාදා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.