Last Update  :  2025-07-14 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket සොනාල් දිනූෂගෙන් ශතකයක්
ඕස්ට්‍රේලියානු සංචාරය

සොනාල් දිනූෂගෙන් ශතකයක්

editorial - 2025 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු ‘ඒ’ නායක ජේසන් සංගා පන්දු යවන්නන් 8 දෙනකු යොදවාගත් නමුත් ඔවුන් සියලු දෙනා හමුවේ නොසැලී පිත්ත හැසිරවූ සොනාල් දිනූෂ ලබාගත් ශතකය නිසා ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ යන්තම් හිස් ඔසවා ගත්හ. ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවරදී අද (13 වැනිදා) ආරම්භ වූ පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේ මුල් දිනය නිමා වන විට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 272 ක් ලබාගත්හ. 

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර එහි සාර්ථක ප්‍රතිඵල නෙළාගත් සත්කාරකයෝ ලකුණු 128 ක් ඇතුළත ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කඩුලු 6 ක් බිම දැමූහ. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගැනීම බෙහෙවින් දුෂ්කර වූ අතර ලකුණු 128 ක් වෙනුවෙන් ඕවර 44 ක් කැප කිරීමට ශ්‍රී ලංකා ‘ඒ පිතිකරුවන්ට සිදුවිය. 

මේ මස මුලදී බංග්ලාදේශයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ සොනාල් දිනූෂ අද තමාගේ 8 වැනි පළමු පෙළ ශතකය සම්පූර්ණ කළේය. කැම්බල් කෙලවේ හමුවේ පිට පිටම හතරේ පහර දෙකක් ගැසූ දිනූෂගේ පිතිහරඹයේ වඩාත් වැදගත් කොටස වූයේ පසුපෙළ පිතිකරුවන් තමන් වෙත රඳවා තබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 272 ක් කරා කැඳවාගෙන යාමයි. 

පන්දු 148 කට මුහුණ දෙමින් ඒවායින් 10 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූ සොනාල් දිනූෂ ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගත් වීරයා විය. නුවනිඳු ප්‍රනාන්දු පිටියේ සිටියදී කඩුලු 2 කට 78 ක් ලෙසින් කියැවුණු ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු පුවරුව, පවන් රත්නායකගේ දැවී යාමත් සමගින් කඩුලු 6 කට 128 ක් විය. එතැන් සිට තරගයේ පාලනය අතට ගත් සොනාල් දිනූෂ, පසුපෙළ පිතිකරුවන් සමගින් එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. 

ජැක් නිස්බෙට් පාදයේ ආබාධයකට ලක්වීම නිසා අවසන් මොහොතේදී ඕස්ටේ්‍රලියානු ‘ඒ’ කණ්ඩායමට කැඳවන ලද වේග පන්දු යවන්නා වන ලුවී ස්මිත් සහ ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් සැන්ඩන් ජේ දෙදෙනා අද  සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළහ. සැන්ඩන් ජේ වමිතින් දඟ පන්දු යවන්නකු වන අතර ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිවැ පැවැති එක්දින තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් වරම් දිනාගත්තේය. 


ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 272 යි
(කමිල් මිෂාර 12, නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විෂාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, ලයාම් ස්කොට් 27/2, හෙන්රි තෝටන් 31/2, නේතන් මැක්ස්වීන් 51/2)

- 213

 


අදහස් (0)

සොනාල් දිනූෂගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.