Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙම වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඉන් පෙර කොළඹදී පාකිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව පෙරහුරු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය.
රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 30 වැනිදා ආරම්භ වන අතර ඉන් පෙර සැප්තැම්බර් 25, 27 සහ 28 යන දිනවලදී පෙරහුරු තරග 9 ක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන ඇත. ඉන් තරග 5 ක් බෙංගලූරුහිදීද, තරග 4 ක් කොළඹදීද පැවැත්වේ.
මෙම පෙරහුරු තරග සියල්ල දිවා-රාත්‍රී තරග වන අතර බෙංගලූරුහි පැවැත්වෙන තරග එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී සහ ඉන්දීය ක්‍රිකට් පාලක මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදීද, කොළඹ පැවැත්වෙන තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ සී.සී.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2017 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළ ඉන්දියාව සහ එංගල්නතය මෙවර තරගාවලියේ පළමු පෙරහුරු තරගයට ක්‍රීඩා කරනු ඇත. එදිනම දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියට පිවිසෙන්නේ 25 වැනිදා පාකිස්තානයට එරෙහිවත්, 27 වැනිදා බංග්ලාදේශයටත් එරෙහිව පෙරහුරු තරග ක්‍රීඩා කරමිනි. ශ්‍රී ලංකාවට අමතරව ශ්‍රී ලංකාවේදී පෙරහුරු තරග සඳහා සහභාගි වන සෙසු කණ්ඩායම් දෙක වන පාකිස්තානය සහ බංග්ලාදේශය, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිවද තවත් පෙරහුරු තරග දෙකකට සහභාගි වීමට නියමිතය.
මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සෙසු රටවල් 7 ම පෙරහුරු තරග දෙකකට බැගින් ක්‍රීඩා කරන අතර වත්මන් ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම එක් පෙරහුරු තරගයකට පමණක් ක්‍රීඩා කරනු ඇත. සියලුම පෙරහුරු තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භවනු ඇත.
පෙරහුරු තරග
සැප්. 25 වැනිදා
සැප්. 27 වැනිදා
සැප්. 28 වැනිදා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.