Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඊයේ (10) නිකුත් කළ අලුත්ම ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව එතෙක් ගත කළ 200 වැනි ස්ථානයෙන් මිදී 196 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව සිටියි.
එහි විශේෂත්වය වසර 2016 න් පසුව ශ්‍රී ලංකාව ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම් වලදී ඉහළම ස්ථානය අත් කර ගැනීමට සමත්ව සිටීමයි.
ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ඇත්තේ වසර 2016 දී 195 වැනි ස්ථානය ලබමිනි.එසේවූවත් එයින් පසුව පසුගිය වසර ගණනාව පුරාම සිදු කළ ශ්‍රේණිගත කිරීම් වලදී දිගින් දිගටම පහළටම පැමිණෙමින් වසර 2023 ජූනි මාසය වන විට 207 වැනි ස්ථානය තෙක් ඒතාක් සිදුවූ ඉහළම කඩා වැටීම පෙන්නුම් කළේය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිල සාමාජික රටවල් හා ජාතීන්ගේ ගණන 210 කි.කෙසේවූවත් වසර 2018 සිට සිදු කළ ලෝක පාපන්දු (පිරිමි) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානය තෙක් පහළට පැමිණි ශ්‍රී ලංකාවට 200 වැනි ස්ථානයෙන් පහළ ස්ථානකට ළගාවීම අතිශයින් දුෂ්කර විය.වසර 2017 දී 198 වැනි ස්ථානයේ සිට 2024 ජූනි වන විට ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානය දක්වා එම ශ්‍රේණිගත කිරීම් අනුව පසු බැස ගොස් තිබුණි.
ඊයේ ප්‍රකාශවූ අළුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ඇතුළු සෙසු සියළුම රටවල් පහළට ගොස් තිබියදී ශ්‍රී ලංකාව පමණක් 200 වැනි ස්ථානයේ සිට පියවර හතරකින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටීම කැපී පෙනේ.
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වන ඉන්දියාව 133 වැනි ස්ථානයත්, මාලදිවයින 171 වැනි ස්ථානයත් නේපාලය 176 වැනි ස්ථානයත්, බංග්ලාදේශය 184 වැනි ස්ථානයත්, භූතානය 186 වැනි ස්ථානයත් හා පාකිස්තානය 201 වැනි ස්ථානයත් ලබා සිටිති.
ඒ අනුව ඉන්දියාව ලෝක ශ්‍රේණිගත කිරීම් නවතම තත්වය අනුවත් තවදුරටත් දකුණු ආසියානු කලාපයේ පෙරමුණ රැක ගෙන සිටියි.ඊයේ ශ්‍රේණිගත කිරීම් අනුව ආසියානු කලාපයේ පළමු තැන ජපානයට හිමිව තිබේ.
එහිදී ලෝකයේම තවදුරටත් අංක එකේ පසු වන්නේ ලෝක කුසලාන (2022) දිනූ ආජන්ටිනාවයි.ඊයේ සිදු කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ඇත්තේ කොස්ටාරිකාවයි. ඔවුන් පසුවූ 54 වැනි ස්ථානයේ සිට 40 වැනි ස්ථානය දක්වා පියවර 14 කින් ඉහළට පැමිණීමට කොස්ටාරිකාව එහිදී සමත්ව සිටියි.
ඉහළම කඩා වැටීම ඊයේ ශ්‍රේණිගත කිරීම් අනුව ජැමෙයිකාව අත් කර ගෙන තිබේ.ඒ 63 සිට 70 වැනි ස්ථානය තෙක් පියවර හතකින් පහළට යාමයි.මෙම නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ආසියානු කලාපයෙන්ද ඉහළට එසවී තිබේ.
ශ්‍රී ලංකාවේ නැගී සිටීම පිළිබදව ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා මෙසේ පැවැසීය
” ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු පිටියේ දිගින් දිගටම ලද කඩා වැටීමට මූලික හේතුව අපි හදුනා ගත්තා.එහිදී ගොඩ වෙදකම් අපි අත් හැරියා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තර තරග සභභාගිත්වය ඉහළ දැමීම තමයි අපි එහිදී වඩාත් හොද ප්‍රතිකර්මයක් ලෙස හදුනා ගත්තේ.ඒක අපි ප්‍රායෝගිකව ඉටු කරමින් ඉන්න අතර මේ සාර්ථකත්වයට ළගා වුණා.”
ශ්‍රී ලංකාව වසර 2024 හා 2025 මේ දක්වා සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග 10 කින් හතරක් ජය ගෙන තරග තුනක් සම කරමින් අවසන් කර තිබේ. සෙසු තරග තුන පරාජයවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.