Last Update  :  2025-06-29 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ උතුර - කොළඹ දකුණ අවසන් සටනේ
ශ්‍රී ලංකා යොවුන් ලීගය

කොළඹ උතුර - කොළඹ දකුණ අවසන් සටනේ

editorial - 2025 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - වයස අවුරුදු 19න් පහළ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට (30) අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවරත් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පසුගිය වර ශූරයන් වූ කොළඹ උතුර පිල සහ පසුගිය වර අනුශූරයන් වූ කොළඹ දකුණ පිල තරග වදිනු ඇත. 

ජුනි මස 22 දින ඇරඹි මෙම තරගාවලියට දිවයිනේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් 80 දෙනෙකුගෙන් සමන්විත කොළඹ උතුර, කොළඹ දකුණ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන පළාත් කණ්ඩායම් තරග කළහ.

චාමික හීනටිගලගේ නායකත්වයෙන් යුත් කොළඹ උතුර පිල පළමු වටයේදි තරග 2ක් පමණක් ජය ගෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර,  එහිදී ගාල්ල පිල පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

විමත් දින්සරගේ නායකත්වයෙන් යුත් කොළඹ දකුණ පිල ද පළමු වටයේදී තරග 2ක් පමණක් ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අවසන් පූර්ව වටයේදී ඒ දක්වා අපරාජිතව පසුවූ මහනුවර පිල පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

 


කොළඹ දකුණ සංචිතය: 
විමත් දින්සර (නායක – කොළඹ රාජකීය), රෙහාන් පීරිස් (කොළඹ රාජකීය), සුවහස් ප්‍රනාන්දු (මොරටුව වේල්ස් කුමර), හිරුන් මතීෂ (කොළඹ රාජකීය), ජේසන් ප්‍රනාන්දු (බම්බලපිටිය ශාන්ත පීතර), ඉසුල ගීගනගේ (කොළඹ රාජකීය). දිනෙත් පීරිස් (පානදුර ශාන්ත ජෝන්), ජොශුවා සෙබස්තියන් (බම්බලපිටිය ශාන්ත පීතර), රයන් දිසානායක (මොරටුව ශාන්ත සෙබස්තියන්), මලින්ත සිල්වා (මොරටුව ශාන්ත සෙබස්තියන්), නෙතුල් අනුහස් (මොරටුව වේල්ස් කුමර), හංසක නිර්මාල් (හොරණ ශ්‍රීපාලී), දහම් නිර්මාල් (කොළඹ ඩී.එස්. සේනානායක)
චාමර සිල්වා (ප්‍රධාන පුහුණුකරු), අමිල පෙරේරා (සහාය පුහුණුකරු), චමින්ද කොඩිකාර (සහාය පුහුණුකරු), සමන් හෙට්ටිආරච්චි (කළමණාකරු)

 

 

කොළඹ උතුර සංචිතය: 
චාමික හීනටිගල (නායක – කොළඹ මහානාම),  දුල්නිත් සිගේරා (කොළඹ මහානාම), සෙනුජ වැකුණුගොඩ (කොළඹ ශාන්ත ජෝශප්), ශරිත් සුදීන (කඳාන ද මැසිනෝද්), කිත්ම විතානපතිරණ (කොළඹ ආනන්ද), ඩිනෝෂ් ජෙලෝන් (කඳාන දි මැසිනොද්), රිෂ්ම අමරසිංහ (කොළඹ ශාන්ත ජෝශප්),  අවීෂ සමාෂ් (කොළඹ ශාන්ත ජෝශප්), තරුෂ නවෝද්‍යා (කොළඹ සහිරා), පූර්ණ කල්හාර (ගුරුකුල කැලණිය), ශ්‍රීරාම් ජීව්හාන් (කොළඹ වෙස්ලි), මානස මධුභාෂණ (කොළඹ ශාන්ත ජෝශප්),  තරුෂ කොඩිකාර (කැළණිය ගුරුකුල), සහීඩ් කරීම් (කොළඹ සහිරා), 
සුරංග විජේනායක (ප්‍රධාන පුහුණුකරු), හර්ෂ ගමාධිකාරි (සහාය පුහුණුකරු), රමිත පෙරේරා (සහාය පුහුණුකරු), කුසුමන් රණසිංහ (කළමනාකරු)

 


අදහස් (0)

කොළඹ උතුර - කොළඹ දකුණ අවසන් සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.