Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
බෲනායි (1 - 0) සහ චීන - තායිපේ (3 - 1) කණ්ඩයම් පරාජය කරමින් පිට පිටම ජාත්‍යන්තර පාපන්දු තරග දෙකක් ජය ගැනීම තුළින් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට දැනට පසු වන 200 වැනි ස්ථානයෙන් 196 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමේ අවස්ථාව සැළසී තිබේ. වසර 2016 න් පසුව ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානයෙන් ඉහළ ස්ථානයකට පැමිණෙන පළමු අවස්ථාවද එය වේ.
ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව වසර 2016 දී 195 වැනි ස්ථානයේ පසුවී තිබේ. එයින් පසුව ජාත්‍යන්තර පාපන්දු පිටියේ දිගින් දිගටම ලද පසුබෑම් හමුවේ වසර 2017 සිට මේ දක්වා 200 වැනි ස්ථානයෙන් පහළ ස්ථානයකට මිදීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නැත.
වසර 2022 දී ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 207 වැනි ස්ථානය දක්වා පහළටම කඩා වැටුණි. එහිදී ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුවද එහි පහළම ( 46 වැනි) ස්ථානයටද ඇද වැටුණි. මෑත කාළීනව ශ්‍රී ලංකාව වාර්තා කළ ජාත්‍යන්තර පාපන්දු තරග ජයග්‍රාහණ කැපී පෙනෙන්නේ පරාජිතයන් එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා ඉහළින් පසුවීමයි.
වසර 2024 සිට 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග 10 කට සහභාගිවී තිබේ.ඉන් තරග හතරක් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව තිබේ. තරග තුනක් සම කර ඉතිරි තරග තුන පරාජයවී තිබේ. ආසියානු කුසලාන (2027 - රියාද්) නිර්දේශ තරග වටය යටතේ ශ්‍රී ලංකාව වසර 2026 මාර්තු 31 වැනිදා දක්වා තවත් නිල ජාත්‍යන්තර තරග හතරකට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රවර්ධනය කිරීම සදහා පසුගිය දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනය (කළින් සම්මේලනය)හදුන්වා දුන් වැඩ සටහන් අසාර්ථක තත්වයකින් කෙළවර විය.මෑත කාළීනව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ජාත්‍යන්තර තරග ප්‍රවර්ධනයට බලපෑ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ විදෙස්ගතව ක්‍රීඩා කරන ද්විත්ව පුරවැසිලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඊට කැදවා ගැනිමය.
යුරෝපා රටවල් හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකම වෙසෙන ද්විත්ව පුරවැසියන් වන එවැනි ක්‍රීඩකයන් 12 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වන විට ජාතික පාපන්දු සංචිතයට ඇතුළත්ව සිටියි.
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ජාතික පාපන්දු කණ්ඩායමේ වත්මන් ප්‍රගතිය පිළිබදව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
"ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දීර්ඝකාළීනව පැවැති කඩා වැටීමට හේතුවුණු ප්‍රධානතම කාරණයක් ලෙස අපි දැක්කේ ඔවුන්ගේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයේ අවමයයි. මෙය අවබෝධ කර ගත් අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය ඉහළ දැමීමට ප්‍රායෝගිකව කටයුතු කළා. එහි ප්‍රතිපල දැන් ලැබෙමින් තිබෙනවා."
ශ්‍රී ලංකාව මීළගට සහභාගි ආසන්නතම ජාත්‍යන්තර පාපන්දු තරගය ඔක්තෝබර් 9 වැනිදාට යෙදී තිබේ.ආසියානු කුසලාන (2027) නිර්දේශ තරග වටය යටතේ එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීයා බවට පත්ව තිබෙන්නේ තුර්ක්මෙනිස්ථානයයි. මෙම තරගයද කොළඹදී පැවැත්වෙයි.
ලෝක පාපන්දු (පිරිමි කණ්ඩායම්) අළුත්ම මීළග ශ්‍රේණිගත කිරීම් ලබන ජූලි 10 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.