Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby දකුණු අප්‍රිකාව - නවසීලන්තය ඉතිහාසයේ තැනක් සොයති
ලෝක කුසලාන රග්බි - 2023

දකුණු අප්‍රිකාව - නවසීලන්තය ඉතිහාසයේ තැනක් සොයති

editorial - 2023 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය, දකුණු අප්‍රිකානු සහ නවසීලන්ත කණ්ඩායම් අතර, සෙනසුරාදා (28 වැනිදා) ප්‍රංශයේ පැරිස් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.30 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතය. 

දකුණු අප්‍රිකාව මෙන්ම නවසීලන්තය ද රග්බි ලෝක කුසලාන තුන් වතාවක් දිනාගත් කණ්ඩායම් දෙකකි. එබැවින් අද තරගයේදී ජයගන්නා කණ්ඩායම රග්බි ලෝක කුසලාන හෙවත් ‘වෙබ් එළිස්’ කුසලානය සිව් වතාවක් ජයගත් එකම කණ්ඩායම වනු ඇත. 

අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාව ලකුණු 44-6 කින් පරාජය කරමින් නවසීලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. දකුණු අප්‍රිකානුවන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 16-15 කින් පරාජය කරමිනි. 

දකුණු අප්‍රිකානුවෝ 1995, 2007 සහ 2019 දී ලෝක කුසලාන දිනාගත්හ. නවසීලන්තය 1987, 2011 සහ 2015 දී ලෝක කුසලාන දිනාගත්හ. 

දකුණු අප්‍රිකානු පුහුණුකරු නයිනබර් පවසන්නේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අවසන් සහ තරගයක් තම ජීවිත කාලයේදී නැවතත් දැකබලා ගැනීමට නොලැබෙන බවයි. 

“මේක අපි සම්බන්ධවන ඉහළම අවස්ථාව වෙන්න පුළුවන්. අපේ ජීවිත කාලයේදී මේ වගේ දෙයක් ආයෙ වෙන්නෙ නෑ” යයි ජැක් නයිනබර් පැවසීය. 


- 213


අදහස් (0)

දකුණු අප්‍රිකාව - නවසීලන්තය ඉතිහාසයේ තැනක් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.