Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby දකුණු අප්‍රිකානුවෝ වාර්තාගත ජයක් ලබති
ලෝක කුසලාන රග්බි - 2023

දකුණු අප්‍රිකානුවෝ වාර්තාගත ජයක් ලබති

editorial - 2023 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය ලකුණු 12-11 කින් පරාජය කරමින් වාර්තාගත සිව්වැනි වතාවට දකුණු අප්‍රිකානුවෝ රග්බි ලෝක කුසලාන දිනා ගත්හ. රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සෙනසුරාදා රාත්‍රියේ පැරීසියේ පැරිස් නගරයේදී පැවැත්විණ. 

සිව් වතාවක් රග්බි ලෝක කුසලාන දිනාගත් එකම කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාවයි. නවසීලන්තයද තුන් වතාවක් රග්බි ලෝක කුසලාන දිනා තිබේ. 

තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 12-06 ක් ලෙසින් දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටිමිනි. 

තරගයේ 27 වැනි විනාඩියේදීම නවසීලන්ත නායක සෑම් කේන් රතු කාඞ්පත පෙන්වා පිටියෙන් පිටමං කරන ලදි.  ඒ වන විට නවසීලන්තය 03-09 ක් ලෙසින් පසුපසින් සිටියේය. 

විනාඩි කිහිපයකට පසුව හෙන්රි පොලාර්ඞ්ගේ දඬුවම් පහරකින් දකුණු අප්‍රිකානුවෝ 12-03 ක් ලෙසින් තරගයේ වාසිය අත්කර ගත්හ. එහෙත් විවේකයට පෙර රිචී මෞංගා දඬුවම් පහරක් සාර්ථක කරගත් හෙයින් ලකුණු තත්ත්වය 12-06 ක් වුවද දකුණු අප්‍රිකානුවෝ ඉදිරියෙන් සිටියහ. 

58 වැනි විනාඩියේදී බියුඩන් බැරට් ලබාගත් උත්සාහක දිනුම නිසා දකුණු නවසීලන්තය 11-12 ක් තරමට දකුණු අප්‍රිකානුවන්ට ආසන්න විය. විනාඩි 15 ක් පුරා දෙපිලේම ක්‍රීඩකයන් ලකුණු ලබාගැනීමට උත්සාහ කළද ලකුණු සංඛ්‍යාව එළෙසින්ම පැවතිණ. 73 වැනි විනාඩියේදී ජෝර්ඩි බැරට්ට හිමිවූ දිගු දුර දඬුවම් පහර වැරදී යාම නිසා නවසීලන්තයට ඉදිරියට පැනගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. විනාඩි 7 කට පසුව දකුණු අප්‍රිකානුවෝ ලෝක ශූරයන් ලෙස අබිසෙස් ලදහ. 

අවසන් නළා හඬ නික්මීමත් සමගින් දකුණු අප්‍රිකානු නායක සියා කොලිසි, බංකුවෙන් බැස තම කණ්ඩායමේ සගයන් දෙසට නටමින් දිවගියේ තමන් ලෝක ශූරයන් බව අදහාගත නොහැකිව තම හිස අල්ලා ගනිමිනි. 

මව්බිමෙන් පිටත පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකක් පිට පිටම ජයගත් එකම කණ්ඩායම දකුණු අප්‍රිකාවයි. 2019 දී ජපානයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදීත් ජයග්‍රාහකයන් වූයේ සියා කොලිසිගේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. 


- 213


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ වාර්තාගත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.