Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby දකුණු අප්‍රිකානුවෝ නූලෙන් දිනති
ලෝක කුසලාන රග්බි - 2023

දකුණු අප්‍රිකානුවෝ නූලෙන් දිනති

editorial - 2023 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහත් බලාපොරොත්තු ඇතිව පැරීසියට පැමිණි එංගලන්ත කණ්ඩායම ලකුණු 16-15 කින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ පිට පිටම දෙවැනි වරත් රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. තරගයේ විනාඩි 69 ක් පුරා ඉදිරියෙන් සිටි එංගලන්තයට අවසන් විනාඩි 11 දී පරාජය පිළිගන්නට සිදුවිය. 

පස්වැනි වතාවටත් ලෝක කුසලාන රග්බි අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබීමේ අවස්ථාව එංගලන්තයට අහිමි විය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු රග්බි පුහුණුකරුවා වන ජැක් නයිනබර් එංගලන්ත ක්‍රීඩකයන්ගේ ධෛර්ය සම්පන්න ක්‍රීඩා රටාව අගය කළේය. 

“ඔවුන් අති විශිෂ්ට ආකාරයෙන් ක්‍රීඩා කළා. අපිට වුණත් දිනන්න බොහෝ වෙහෙස මහන්සියෙන් වැඩ කරන්න වුණා.. අනෙක ඒ තරගය, ඇසිපිය ගහන පමාවෙන්, දෙපැත්තෙන් ඕනැම පැත්තකට හැරෙන්න තිබුණ තරගයක්” යයි ජැක් නයිනබර් පැවසීය. 

විනාඩි 69 ක් නිමාවේදී ලකුණු  15-6 ක් ලෙසින් එංගලන්තය ඉදිරියෙන් සිටියේය. ඒ අතර කාගේත් අවධානයට ලක් නොවී සිටි ආර්. සයිමන් කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක පන්දුව රැගෙන ඉදිරියට යමින් උත්සාහක දිනුමක් ලබාගත්තේය. හෙන්රි පොලාර්ඞ් එය ගෝල දිනුමක් බවට ප්‍රවර්තනය කරන ලද හෙයින් ලකුණු පුවරුව 15-13 ක් සේ දිස් වූවද එංගලන්තය ඉදිරියෙන් සිටියේය. 

අවසානයට විනාඩි 3 ක් තිබියදී නැවතත් ක්‍රියාත්මක වූ පොලාර්ඞ් ලබාගත් උත්සාහක දිනුම නිසා ලකුණු 16-15 ක් ලෙසින් දකුණු අප්‍රිකානුවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

තරගයේ 3 වැනි විනාඩියේදීම ඔවෙන් ෆැරල්ගේ නිවැරදි පා පහරකින් ලකුණු 03 ක් ලබාගත් එංගලන්ත ක්‍රීඩකයෝ විවේක කාලයේදී 12-06 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ. 53 වැනි විනාඩියේදී එංගලන්ත නායක ඔවෙන් ෆැරල් ලබාගත් ඩ්‍රොප් ගෝලය නිසා ලකුණු සංඛ්‍යාව 15-06 ක් ලෙසින් වෙනස් විය. 

69 වැනි විනාඩිය දක්වාම එංගලන්තය එංගලන්තය ලකුණු 9 කින් ඉදිරියෙන් සිටි නමුත්, එතැනින් පසුව සියල්ල වෙනස් විය. 


- 213


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ නූලෙන් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.