Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත‍්‍රිත්ව විදුහල 65-0 කින් ඩී. එස්. පරාජය කරයි

ත‍්‍රිත්ව විදුහල 65-0 කින් ඩී. එස්. පරාජය කරයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු වටයේ තෙවැනි සතිය යටතේ මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර සී. ආර්. පිටියේදී අද (11) පස්වරුවේ පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 65-0 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහල් පිල ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 6 කින් ලකුණු රැස් කළේය. මෙහිදී ඞී. එස්. සේනානායක විදුහල් පිලට ලකුණු රැස්කිරීමට අවස්ථාව අහිමිවිය.  

ත‍්‍රිත්ව විදුහල් පිල දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් 7 ක් සම්පූර්ණ කළ අතර මෙලන් මලිෂ්, අයේෂ් එදිරිසිංහ, සජන සංඝසිංහ, පසන් සමරවික‍්‍රම, චාරු නානායක්කාර, අමිත් කුලතුංග සහ කානේෂ අල්විස් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කරමින් ලකුණු සංඛ්‍යාව 65 දක්වා ඉහළ නැංවීමට සමත් වූහ.

ලෂාන් විජේසූරිය සහ තනුෂ්ක අබේවික‍්‍රම ගෝල ප‍්‍රවර්ථන හතරක් සාර්ථක කරමින් දෙවැනි අර්ධයේදී අතිරේක ලකුණු 8 ක් එකතු කිරීමට සමත් වූහ.

ත‍්‍රිත්ව විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. එම අර්ධයේදී දිලූක්‍ෂ දංගේ උත්සාහක දිනුම් 2 ක්, අයේෂ එදිරිසිංහ සහ මෙලන් මලිෂ් උත්සාහක දිනුම බැගින් ද සම්පූර්ණ කළහ. කුෂිල පෙරේරා ගෝල ප‍්‍රවර්ථනයක් සාර්ථකර කරමින් අතිරේක ලකුණු එකතු කළේය.  

 


අදහස් (0)

ත‍්‍රිත්ව විදුහල 65-0 කින් ඩී. එස්. පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.