Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තියුණු සටනකින් පසු විද්‍යාර්ථ - ශා. ජෝෂප් ගෞරවය රැකගනිති

තියුණු සටනකින් පසු විද්‍යාර්ථ - ශා. ජෝෂප් ගෞරවය රැකගනිති

editorial - 2025 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා පාසල්රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාඨශාලීය ලීග් රග්බි ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලිය ආරම්භ වූ ඉකුත් සතියේ පැවති තියුණුම තරඟය දැකබලා ගැනීමේ අවස්ථාව සෙනසුරාදා (7 වැනිදා) මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියට රැස්වූ රග්බි ලෝලීන්ට උදාවිය.

මහනුවර විද්‍යාර්ථ විදුහල් පිලත් ශාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායමත් අතර පැවති එම තරඟයලකුණු 24-24 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවුවද ඉතා ඉහල දක්ෂතා වලින්පිරි තරඟයක් නැරඹීමේ අවස්ථාව රග්බි ලෝලීන්ට උදාවිය.

මෙම තරඟයේ ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 07-05 ක් වශයෙන් ශාන්ත ජෝසප් විදුහල ඉදිරියෙන් සිටියද  දෙවැනි අර්ධයේදී දෙපිලම කරට කර තරඟයක නිරත වීම හේතුවෙන් ත්‍රාසය භීතිය හා කුතුහලය පිරි රග්බි තරඟයක් නැරඹීමේ කලාතුරකින් උදාවන අවස්ථාවක් රග්බි ලෝලීන්ට හිමි විය.

මෙම තරඟයේදී විද්‍යාර්ථ විදුහල උත්සාහක දිනුම් 04 ක් සහ ප්‍රවර්තන 02 ක් මගින් ලකුණු රැස්කළ අතර ශාන්ත ජෝසප් විදුහලද උත්සහක දිනුම් 04 ක් සහ ප්‍රවර්තන 02 ක් මගින් ලකුණු රැස් කළේය.

තරග විනිසුරු ඉෂංක අබේකෝන් මහතාගේ ප්‍රථම නලා හඬින් තරඟය ආරම්භ වී 05 වැනි විනාඩියේදී විද්‍යාර්ථ පිලේ මොහොමඩ් රශිඩ් විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. ඉන් විනාඩි 15 කට පසු  ශාන්ත ජෝෂප් පිලේ තුසිත් දෙව්මින විසින් උත්සාහ දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය මල්ශාන් දෙව්මිත් විසින් සාර්ථක කර ගන්නා ලදී.

ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 07-05 ක් වශයෙන් ශාන්ත ජෝෂප් පිල ඉදිරියෙන් විය.

රග්බි ලෝලීන්ට කාලයකට අමතක නොවන මෙම තරඟයේ දෙවැනි අර්ධය ආරම්භවී 10 වැනිි විනාඩියේදී ජෝෂප් පිලේ ඉසුරු චතුරංග විසින් උත්සහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය අසාර්ථකක විය. ඉන් විනාඩි 10 කට පසුනැවතත් ක්‍රියාත්මක වූ ඉසුරු චතුරංග උත්සහක දිනුමක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් කණ්ඩායමමේ බලාපොරොත්තු ඉහළ නැංවිය. එහි ප්‍රවර්තනයද අසාර්ථක විය.

ඉන් අනතුරුව 25 වැනි විනාඩියේදී සහ 30 වැනි විනාඩියේදී විද්‍යාර්ථ පිලේ විහඟ සත්සිඳු විසින් උත්සහක දිනුම් දෙකක් පිට පිට වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තන දෙකම අසාර්ථක වූ බැවින් තරඟයේ අතිරේක කාලය ආරම්භ වන විට ලකුණු 17-17 ක්ලෙස දෙපිලම සම ලකුණු මට්ටමේ වූහ.

කෙසේ නමුත් අතිරේක කාලය ආරම්භ වී සුළු මොහොතකින් ශාන්ත ජෝෂප් පිලේ මල්ශාන් දෙව්මිත් විසින් උත්සහක දිනුමක් වාර්තා කරන ලද අතර ඔහු විසින්ම එහි ප්‍රවර්තනයද සාර්ථක  කරගන්නා ලද්දේ විද්‍යාර්ථ රග්බි ලෝලීන්ගේ බලාපොරොත්තු සුන්කර දමමිණි.

කෙසේ නමුත් අතිරේක කාලය නිමා වීමට විනාඩියක් තිබියදී විද්‍යාර්ථ පිලේ දිදුල බණ්ඩාර ජෝෂප් ක්‍රීඩකයන් මංමුලා කරමින් පන්දුව රැගෙන ජෝසප් ලකුණු සීමාවට කඩා වැදුණේය. එහි ප්‍රවර්තනය කවිඳු හේවගේ විසින් සාර්ථක කරගත් බැවින් තරඟයේ අවසන් නළා හඬ නිකුත් වන විට ලකුණු 24-24 ක් වශයෙන් දෙපිලම සම ලකුණු මට්ටමේ වූහ.


අදහස් (0)

තියුණු සටනකින් පසු විද්‍යාර්ථ - ශා. ජෝෂප් ගෞරවය රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.