Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව සිංහයෝ පෙරමුණ ගනිති
2023 බ්‍රැඩ්බි පළිහ

ත්‍රිත්ව සිංහයෝ පෙරමුණ ගනිති

editorial - 2023 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ත්‍රිත්ව විදුහලත් රාජකීය විදුහලත් අතර 77 වැනි වරටත් සංවිධානය කෙරුණු බ්‍රැඩ්බි කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියර වූ පල්ලෙකැලේ ත්‍රිත්ව රග්බි ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (22 වැනිදා) පැවැති තරගයෙන්ලකුණු 13-10 ක ජයක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමටත්‍රිත්ව විදුහල සමත් විය .

ජයග්‍රාහී ත්‍රිත්ව විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහර දෙකක් මගින් ලකුණු රැස් කළ අතර රාජකීය විදුහල උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස් කළේය.

ප්‍රථම අර්ධය නිමාවන විට 10 - 00 ක් වශයෙන් රාජකීය විදුහල ඉදිරියෙන් විය .

මෙවර පාසල් රග්බි තරඟාවලියේදී රාජකීය සහ ත්‍රිත්ව කණ්ඩායම් දෙක මෙතෙක් මුහුණ දී සිටින ආකාරය දෙස බැලීමේදී රාජකීය පිල මෙමතරඟයේ වැඩි ගෞරවහිමිකර ගනු ඇතැයි වැඩිදෙනාගේ බලාපොරොත්තුව විය. එහෙත් ඒ සියලු අනාවැකි අසාර්ථක කරමින්ත්‍රිත්ව ක්‍රීඩකයන් දෙවනි අර්ධයේදී දියත් කළ සටන්කාමී තරග රටාව හමුවේ රාජකීයන්ට පසුබැසීමට සිදුවිය .

පළමු අර්ධයේ පෙරමුණ ගත් රාජකීය පිල වෙනුවෙන් පිලියෝ කල්‍යාණනරත්න සහ බුවනෙක සේනානායක උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. එහි ප්‍රවර්තන දෙකම අසාර්ථක විය .

දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් තිසංග දිසානායක උත්සාහක දිනුමක් වාර්තා කළ අතර 16 හැවිරිදි ෂෙහාන් අල්තාෆ් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. දඬුවම් පහර දෙකක් ද සාර්ථක කරගත් අල්තාෆ් තරඟයේ වීරයා වශයෙන්ද නම් කෙරුණි.

ඉසංක අබේකෝන් මහතා තරග විනිසුරු වශයෙන් කටයුතු කළේය.

 


අදහස් (0)

ත්‍රිත්ව සිංහයෝ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.