Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව ක්‍රීඩකයෝ අළුගසා නැඟිටිති
පාසල් රග්බි ලීගය

ත්‍රිත්ව ක්‍රීඩකයෝ අළුගසා නැඟිටිති

editorial - 2023 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද) 
 
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (25 වැනිදා) පැවැති තරගයයකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 20-10 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. ඉකුත් සතියේදී මහනුවර ධර්මරාජ විදුහල හමුවේ පරාජයට පත්වූ ත්‍රිත්ව විදුහල මෙම තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය විය. 
 
මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-00 ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ, විද්‍යාර්ථ විදුහලට එක් ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදුන්හ. 
 
දෙවැනි අර්ධයේදී තවත් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 8 ක් රැස්කිරීමට ත්‍රිත්ව විදුහල සමත් වෙද්දී, විද්‍යාර්ථ විදුහලට උත්සාහක දිනුම් දෙකක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ ත්‍රිත්ව විදුහලට ලකුණු 20-10 ක ජයක් හිමිවිය. 
 
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති දෙවැනි සතියේ සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක, කොළඹ ඉසිපතන විදුහල, මරදාන ශාන්ත ජෝෂප්, මරදාන සහිරා සහ කොළඹ රාජකීය යන විදුහල් සමත් වූහ. එම තරගවලදී පිළිවෙලින් කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ වෙස්ලි, මහනුවර ධර්මරාජ සහ ගල්කිස්ස විද්‍යා යන විදුහල් පරාජයට පත්වූහ. 
 
සෙනසුරාදා (24 වැනිදා) 
  • කොළඹ ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 23-19 ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි. 
  • කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 29-20 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි. 
  • මරදාන ශාන්ත ජෝෂප් විදුහල විසින් ලකුණු 03-00 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරන ලදි. 
  • මරදාන සහිරා විදුහල විසින් ලකුණු 18-15 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදි. 
  • කොළඹ රාජකීය විදුහල විසින් ලකුණු 45-10 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි. 
 
ඉරිදා (25 වැනිදා) 
  • මහනුවර ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 20-10 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි. 

අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ අළුගසා නැඟිටිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.