Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පැරණි තුරග තරග පිටියේදී ඊයේ (17) පස්වරුවේ පිලිපීනයට එරෙහිව පැවැති තරගයෙන් පසුව තහනම් උත්තේජක පරීක්‍ෂණයට සහභාගි වීමට සිටි ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් සිවුදෙනා එම පරීක්‍ෂණය මග හරිමින්, කිසිවකුට නොදන්වා කී‍්‍රඩාංගණයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
තරගය ආරම්භයේ සිට ක‍්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් සිවුදෙනකු තහනම් උත්තේජක පරීක්‍ෂණයට නම් කර තිබූ බවත් ඒ සඳහා නිලධාරීහු ක‍්‍රීඩාංගණය තුළ රැදී සිටි බවත් දැනගන්නට ඇත.
ආදාළ ක‍්‍රීඩකයන් සිවුදෙනා තරගය අවසන් වූ වහාම ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන දොරටුවෙන් රීඞ් මාවතට පිවිස, ත‍්‍රිරෝද රථයක නැගී පිටව ගිය බව වාර්තා වේ. සාමාන්‍ය ක‍්‍රමය අනුව නම් එම ක‍්‍රීඩකයන්ද ක‍්‍රීඩක බස් රථයෙන් පිටව යා යුතුය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් නැවත එම ක‍්‍රීඩකයන් ගෙන්වා ගෙන රාත‍්‍රී 11.00 ට පමණ මුත‍්‍රා සාම්පළ ලබාගෙන ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.