Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ අද (4 වැනිදා) පැවැති මූලික වටයේ තරගකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 31-24 ක ජයක් වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය. මෙවර තරගාවලියේදී තර්ස්ටන් විදුහල ලැබූ පළමු ජයද මෙය විය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 21-05 ක් ලෙස විද්‍යාර්ථ විදුහල් ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ගෝල දිනුම් 3 ක් මගින් විද්‍යාර්ථ විදුහල ලකුණු ලබාගත් අතර තර්ස්ටන් විදුහල ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි.
කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ආක්‍රමණශ්‍රීලී ක්‍රීඩා විලාශයක නිරත වූ තර්ස්ටන් ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම්ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 31 ක් එක්කර ගත්හ. විද්‍යාර්ථ ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට තර්ස්ටන් විදුහලට මෙම තරගයෙන් ලකුණු 31-24 ක ජයක් හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.