Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී.එස්. ක්‍රීඩකයෝ සාන්ත තෝමස් පරදවති
අන්තර් පාසල් රග්බි

ඩී.එස්. ක්‍රීඩකයෝ සාන්ත තෝමස් පරදවති

editorial - 2023 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (21 වැනිදා) පැවැති හයවැනි සතියේ තරගයකදී ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 13-10 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. ඔවුන් මෙම තරගාවලියේදී ලැබූ පස්වැනි ජයග්‍රහණය මෙය විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-07 ක් ලෙස පෙරමුණ ගැනීමට ඩී.එස්. සේනානායක ක්‍රීඩකායෝ සමත් වූහ. එහිදී උත්සාහක දිනුම් දෙකකින් ඩී.එස්. සේනානායක විදුහල ලකුණු රැස්කළ අතර සාන්ත තෝමස් විදුහල ලකුණු රැස්කළේ ගෝල දිනුමකිනි.

දෙවැනි අර්ධයේදී දෙපිලම දඬුවම් පහර බැගින් සාර්ථක කරගනිමින් ලකුණු 3 බැගින් රැස්කළ නමුත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය ඩී.එස්. සේනානායක විදුහලට හිමිවිය. අවසන් විනාඩි කිහිපයේදී සාන්ත තෝමස් විදුහලට දඬුවම් පහරක් හිමිවුවද, එය සාර්ථක කරගැනීමට නොහැකි වීම හේතුවෙන් තරගය සමව අවසන් කිරීමට තිබූ අවස්ථාවද ඔවුන්ගෙන් ගිළිහී ගියේය.

 


අදහස් (0)

ඩී.එස්. ක්‍රීඩකයෝ සාන්ත තෝමස් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.