Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී.එස්. ක්‍රීඩකයෝ ශාන්ත අන්තෝනි පරදවති
අන්තර් පාසල් රග්බි

ඩී.එස්. ක්‍රීඩකයෝ ශාන්ත අන්තෝනි පරදවති

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටය යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 26-19 ක ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. 

නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-07 ක් ලෙස පෙරමුණ ගැනීමට ඩී.එස්. ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ඩී.එස්. සේනානායක විදුහල ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 14 ක් එක්කර ගැනීමට ඩී.එස්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වන විට ශාන්ත අන්තෝනි විදුහලට වඩා ඩී.එස්. සේනානායක විදුහල ලකුණු 7 ක් ඉදිරියෙන් සිටියේය. 

(ඡායාරූප - ශේන් සෙනෙවිරත්න)


අදහස් (0)

ඩී.එස්. ක්‍රීඩකයෝ ශාන්ත අන්තෝනි පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.