Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී.එස්. - සාන්ත තෝමස් හෙට තරග බිමේ
අන්තර් පාසල් රග්බි

ඩී.එස්. - සාන්ත තෝමස් හෙට තරග බිමේ

editorial - 2023 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන (2023) පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හයවැනි සතිය ආරම්භ කරමින් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල හෙට (21 වැනිදා) පස්වරු 4.00 ට කොලඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය. 

මේ දක්වා සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත්ව ඇති අතර සාන්ත තෝමස් විදුහලද මෙතෙක් සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගැනීමට සමත්ව තිබේ. කෙසේ වුවත් එම තරගවලදී ලබාගත් ප්‍රසාද සංඛ්‍යාවන් අනුව ඩී.එස්. සේනානායක විදුහල, සාන්ත තෝමස් විදුහලට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටියි. 

මෙම තරගයට අමතරව හයවැනි සතියේ තරග 3 ක් සෙනසුරාදා (22 වැනිදා) දිනයේදීද, තරග 2 ක් ඉරිදා (23 වැනිදා) දිනයේදීද පැවැත්වීමට නියමිතය. එම තරග අතරින් හෙට පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවැත්වෙන තරගය මෙම වසරේ (2023) බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ලෙස පැවැත්වේ. 

සෙනසුරාදා (22 වැනිදා) පැවැත්වෙන තරග 

  • කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී 
  • කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදී 
  • බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී 

ඉරිදා (23 වැනිදා) පැවැත්වෙන තරග 

  • මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී 
  • මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මරදාන සහිරා විදුහල අතර මහනුවර, බෝගම්බර ක්‍රීඩාංගණයේදී 

 


අදහස් (0)

ඩී.එස්. - සාන්ත තෝමස් හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.