Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී.එස්. - කිංග්ස්වුඩ් සටන හෙට

ඩී.එස්. - කිංග්ස්වුඩ් සටන හෙට

editorial - 2023 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන (2023) පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ පස්වැනි සතිය ආරම්භ කරමින් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව මහනුවර කිංග්ස්වුඩ් විදුහල හෙට (14 වැනිදා) පස්වරු 4.00 ට කොලඹ හැව්ලොක් පිටියේදී තරග බිමට පිවිසීමට නියමිතය. 

මේ දක්වා සහභාගි වූ තරග 3 න් 2 ක් ජයගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත්ව ඇති අතර කිංග්ස්වුඩ් මෙතෙක් සහභාගි වූ තරග 3 ම පරාජයට පත්ව තිබේ. මෙම තරගයට අමතරව පස්වැනි සතියේ තවත් තරග 5 ක් අනිද්දා (15 වැනිදා) දිනයේදී පැවැත්වීමට නියමිතය. 

හෙට (15 වැනිදා) පැවැත්වෙන තරග 

  • ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී 
  • කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර කොලඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී 
  • මරදාන සහිරා විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී 
  • කොළඹ ඉසිපතන විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී 
  • මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී 

අදහස් (0)

ඩී.එස්. - කිංග්ස්වුඩ් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.