Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩයලොග් වෙතින් පාසල් රග්බි පිටියට ලක්ෂ 650 ක්

ඩයලොග් වෙතින් පාසල් රග්බි පිටියට ලක්ෂ 650 ක්

යොහාන් භාසුර - 2020 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයට රුපියල් කෝටි 6 1/2ක් හෙවත් රුපියල් ලක්‍ෂ 650 ක අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත්ව සිටියි. ඩයලොග් සමාගම පළමු වරට පාසල් රග්බි සංගමය මෙහෙයවන ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි සඳහා වසර තුනක අනුග්‍රහක වගකීම බාරගෙන තිබේ.

මෙම අනුග්‍රහය පිරිනැමීම ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන අළෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

අනුග්‍රහක ඩයලොග් සමාගම පැවසුවේ මෙම රුපියල් මිලියන 65 න් මිලියන 25 ක් තරගාවලියට සහභාගි වන පාසල් වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම අනුග්‍රහය යටතේ වයස වයස 10 න් ඉහළ සිට වයස 19 න් පහළ බාලක සහ වයස 19 න් පහළ බාලිකා තරගාවලි පැවැත්වීමට නියමිතය.

පාසල් රග්බි සංගමයේ උප සභාපති සුසන්ත මෙන්ඩිස් මහතා මාධ්‍යහමුවේදී පැවසුවේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කණ්ඩායමකට රුපියල් මිලියන බැගින් ද, ‘බී’ කාණ්ඩයේ කණ්ඩායමකට රුපියල් ලක්‍ෂ 4 ක් ද, ‘සී’ කාණ්ඩයේ කණ්ඩායමකට රුපියල් ලක්‍ෂ 3 බැගින් ද, තරගාවලිය වෙනුවෙන් ලබාදෙන බවයි.

“මෙම මුදල් ප්‍රදානයට අමතරව දෙවැනි සහ තෙවැනි කොටස්වල ක්‍රීඩා කරන පාසල්වලටත් මුදල් දීමනාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සියලුම කණ්ඩායම්වලට අමතර ඇඳුම් කට්ටලය බැගින් ලබාදීමට ද අනුග්‍රහකයන් කැමැත්ත පළ කරලා තියෙනවා” යැයි උප සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අනුග්‍රහක මුදල ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේදී වයස 19 න් පහළ අන්තර්ජාතික රග්බි තරගාවලියක් පැවැත්වීමට ද පාසල් රග්බි සංගමය බලාපොරොත්තු වන බව පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න මහතා පැවසීය.

මෙම අවස්ථාවට ඩයලොග් ආසිආටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (සන්නාම සහ සංනිවේදන) හර්ෂ සමරනායක, ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න, එහි ලේකම් තුසිත පීරීස්, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම, එහි උප සභාපති සුසන්ත මෙන්ඩිස් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් තරගාවලිය ලබන 4 වැනිදා ආරම්භ වීමට නියමිතය.

 

ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන අළෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න මහතාට අනුග්‍රහය නිලවශයෙන් ප්‍රධානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය: නිමල්සිරි එදිරිසිංහ)    

 

 


අදහස් (0)

ඩයලොග් වෙතින් පාසල් රග්බි පිටියට ලක්ෂ 650 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.