Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩයලොග් කුසලාන මහනුවර පිලට

ඩයලොග් කුසලාන මහනුවර පිලට

යොහාන් භාසුර - 2020 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා  වයිරසය පැතිරීමේ අවදානම හේතුවෙන් පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ඉතිරි තරග අවලංගු කරමින් මහනුවර ක්‍රීඩා සමාජයට ශූරතාව පිරිනැමීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ. 

අන්තර් සමාජ පළමු කොටසේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ලබන අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය බලාපොරොත්තු වෙයි.  

ලීග් තරගාවලියේ දෙවැනි වටයේ තරග පසුගිය සතියේ අවසන් වූ අතර ‘සුපිරි වටයේ’ තරග ලබන සිකුරාදා (20 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබුණි.  

මහනුවර ක්‍රීඩා සමාජය පළමු සහ දෙවැනි වටවල තරග 14 න් සියලුම තරග ජය ලබමින් අපරාජිතව ශූරයන් බවට පත්විය. පොලිස් කණ්ඩායම තරග 14 න් නවයක් ජය ලබා අනු ශූරතාව හිමිකරගත්තේය. 

 


අදහස් (0)

ඩයලොග් කුසලාන මහනුවර පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.