Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජෝර්ජියානුවෝ ජපානයට ප‍්‍රවේශපත් ගනිති

ජෝර්ජියානුවෝ ජපානයට ප‍්‍රවේශපත් ගනිති

ශනුක අරවින්ද - 2015 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සටන්කාමී කී‍්‍රඩා විලාශයක නිරතවූ ජෝර්ජියාවේ ලෙලෝස්ලා නැමීබියාව සමග ඊයේ (7 වැනිදා) පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ලකුණු 17-16 ක විස්මිත ජයක් ලබා වසර 2019 ජපානයේ පැවැත්වෙන මීළ`ග ලෝක කුසලාන තරගමාලාවට වේලසනින්ම ප‍්‍රවේශපත් වෙන්කරවා ගත්හ.

එසේ වූයේ මේ ජයග‍්‍රහණයත් සමග ලේලෝස්ලා පළමු වතාවට ලෝක කුසලාන තරගමාලාවක තරග දෙකක් ජයග‍්‍රාහීව නිමාකරගෙන ‘සී‘ කාණ්ඩයේ තුන්වැනි තැනට පත්වීම නිසාය. ඔවුන් දැන් නැවත ගම්බිම් බලා යන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් තොරව ස්වයංකී‍්‍රයවම මීළග ලෝක කුසලාන තරගමාලාවේ දොරටු විවර කරගැනීමේ පී‍්‍රිතිය සිතට තුරුලූ කරගනිමිනි.

මෙවර ලෝක කුසලාන තරගමාලාවේ දී ජයග‍්‍රහණ දෙකක් අත්කරගැනීමට හැකිවීම ඔවුන්ට ඉහටත් උඩින්ය.

මේ තරගය නැරැඹීමට ඊයේ සැන්ඩි පාක් කී‍්‍රඩාංගණයට පැමිණ සිටි 11,000 කට අධික කී‍්‍රඩාලෝලීන්ගෙන් තරගය ජයගත් ජොර්ජියාවට ලැබුණේ නවසීලන්තයේ  ඕල් බ්ලැක්ස්ලාට තරම් ඔල්වරසන් වරුසාවකි.

තරගයෙන් පසුව සිය නායක මමුකා ගෝගොඞ්සේ උඩ දැමූ ලේලෝස්ලා සැමරුවේ ඊයේ ලැබූ ජයග‍්‍රහණය නොව 2019 තරගමාලාවට සුදුසුකම් ලබාගැනීමේ පී‍්‍රතියයි. ඊයේ තරගයේ දී ජෝර්ජියානුවන්ට ජයමාවත හෙළි පෙහෙළි කර දුන්නේ ඔහුය.

තරගයේ පළමු භාගයේ දී දඩුවම් පහර දෙකක් සාර්ථක කරගනිමින් ලකුණු 6-0 කින් පෙරමුණ ගත් නැමීබියාව කුරුමානම් අල්ලමින් සිටියේ මේ කෝඩුකාරයන් හමුවේ ජයග‍්‍රහණය අත්පත් කරගැනීමටය. එහෙත් සිදුවූයේ අනෙකකි.

දෙවැනි භාගයේ 49 වැනි මිනිත්තුවේ දී මුරණ්ඩු හා දරදඩු කී‍්‍රඩා රටාවක නිරතවූ නැමීබියානුවන්ගේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් ඔහු තැබූ උත්සාහක දිනුම ලේලෝස්ලාට නොතිබුණු ජවයක් ගෙන දුන්නේය. ඉන් වඩාත්  දිරිලත් ලේලෝස්ලාගේ දැඩි උත්සාහක දිනුම් පිපාසය සංසිඳවමින් ඊට මිනිත්තු 5 කට පසුව ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ලාෂා මලගුරඞ්සේ තැබූ අනගි උත්සාහක දිනුමෙන් ලකුණු 14-6 කින් පෙරමුණ ගනිද්දී නැමීබියානුවන් අන්දමන්දවී ගියහ.

ඒ උත්සාහක දිනුම් දෙකම ගෝල බවට පත්කළ ෆුල් බෑක් කී‍්‍රඩක මෙරාබ් ක්විරි කෂ්විරි 67 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් ද සාර්ථක කරමින් ලේලෝස්ලා ලකුණු 16-6 කින් ඉහළට ඔසවා තැබුවේය. මේ විස්මිත ප‍්‍රහාරයෙන් විපරිතවූ නැමීබියානුවන්ට පරාජයේ වේදනාව දැනෙන්නට පටන් ගනිද්දී ලේලෝස්ලාගේ සතුට ඉහවහ ගොස් තිබිණි.

එහෙත් අවසන් මිනිත්තු දහයේ දී කණ්ඩායමේ ඉරණම සියතට ගත් ෆ්ලයි හාෆ් කී‍්‍රඩක තෙනුස් කොට්සේ 70 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් සාර්ථක කරමින් ද, ඊට මිනිත්තු දෙකකට පසුව ඔවුන්ගේ එකම උත්සාහක දිනුම තබමින් ද අතේ තිබූ ජයග‍්‍රහණය ජෝර්ජියානුවන්ට උදුරාගැනීම වැළැක්වීමට නොකළ දෙයක් නැත.

එහෙත් ඒ සියලූ උත්සාහයන් ලේලෝස්ලාගේ වාසියට එක් ලකුණක පරතරයකින් විසඳී ගියේය.

 


අදහස් (0)

ජෝර්ජියානුවෝ ජපානයට ප‍්‍රවේශපත් ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.