Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජයගත්තෝ විනිසුරුට පහර දෙති

ජයගත්තෝ විනිසුරුට පහර දෙති

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉසිපතන විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර හැව්ලොක්ස් පිටියේදී අද (29) පැවැති තරගය අවසානයේ එහි ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ රොහාන් ප‍්‍රනාන්දු මහතාට ඉසිපතන විදුහලේ ආධාරකරුවෝ පිරිසක් පහර දුන්හ.

පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියකු මැදිහත් වීමෙන් විනිසුරුවරයා ප‍්‍රහාරයෙන් ගැලවා ගත්තේය. පොලිස් නිලධාරීන් පැමිණෙන විට විනිසුරුවරයා විවේක කාමරය වෙත ගොස් තිබුණි.

තරගය අවසන් වීමෙන් පසුව ඉසිපතන විදුහල් කණ්ඩායමේ නිලධාරීන් යැයි අනුමාන කළ හැකි පුද්ගලයන් දෙදෙනකු විනිසුරු සමඟ කිසියම් විවාදයක් කරමින් සිටි අතර ඒත් සමඟම පිරිසක් කඩාවැදී විනිසුරුට පහර දුන්හ.

එහිදී පෞද්ගලික ආරක්‍ෂක අංශයේ නිලධාරියා සහ ඉසිපතන විදුහල් රග්බි කමිටුවේ ඇතැම් නිලධාරීන් මැදිහත් වී විනිසුරුවරයා ගලවා ගත්හ.

ප‍්‍රහාරය එල්ලවූ ක‍්‍රීඩාංගණයේ අනෙක් පස කෙළවරේ සිට විවේක කාමරය වෙත ක‍්‍රීඩාංගණයේ අනෙක් පසට පැමිණීමට සිදුවීම නිසා තත්ත්වය පාලනය කිරීම අපහසු විය.

”අපි දිනුවනේ මොකටද ගහන්නේ” යැයි ඉසිපතන විදුහලේ ආධාරකරුවන් යැයි සිතිය හැකි පුද්ගලයන් කෑගසන ආකාරය ඇසුණි.

පහරදීමට විරෝධය දැක්වූ සහ පහර දුන් ඉසිපතන විදුහලේ ආධාරකරුවන් කීපදෙනකු අතරද ගුටිබැට හුවමාරුවක් විය.

 


අදහස් (0)

ජයගත්තෝ විනිසුරුට පහර දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.