Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජපානය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

ජපානය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි මූලික වටයේ තෙවැනි තරගයේදී ලකුණු 31-14 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට ජපානය සමත් විය.  

 ජපන් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක් සහ උත්සාහ දිනුම් 2 ක් සමග ලකුණු රැස්කළහ. ශ්‍රී ලංකාව ලකුණු රැස්‍කළේ ගෝල දිනුම් 2 ක් සමගිනි‍. ඊට අවසන් විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමක් සහ එහි ප්‍රවර්ථනයද ඇතුළත් විය.

 ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වන මූලික වටයේ මීළඟ තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යය එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු අද රාත්‍රී 7.54 ටත්, චීනයට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 10.54 ටත් ආරම්භ වීමට නියමිතය.

පිරිමි මූලික වටය යටතේ පැවැති තරග 2 දී තියුණු සටනකින් අනතුරුව ලකුණු 14-7 ක් ලෙස දකුණු කොරියාව පරාජය කිරීමට හොං කොං රාජ්‍යය සමත් වූයේය. ලකුණු 19-12 ක් ලෙස මැලේසියාව පරාජය කිරීමට පිලිපීනයත් සමත් විය.  

-036


අදහස් (0)

ජපානය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.