Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby චීන ක්‍රීඩිකාවෝ අණසක පතුරවති

චීන ක්‍රීඩිකාවෝ අණසක පතුරවති

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී අද (19 වැනිදා) පැවැත්වෙන ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා මූලික වටයේ 11 වැනි තරගයේදී ලකුණු 47-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට චීන ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී චීන කාන්තා කණ්ඩායම ගෝල දිනුම් 6 ක් සහ උත්සාහ දිනුමක් සමග ලකුණු රැස්කළ අතර චීනය වෙනුවෙන් කේයි චෙන් සහ ශින්රොං ඩොවු උත්සාහක දිනුම් 2 බැගින්ද, ෆෙයිෆෙයි යැං, හොංතිං රුවාන් සහ ශියාඕ වැං එක් උත්සාහක දිනුම් බැගින් ලබාගත්හ.

එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථන 4 ක් සාර්ථක කරගැනීමට කේයි චෙන් සමත් වූ අතර තවත් ප්‍රවර්ථන 2 ක් සාර්ථක කරගැනීමට ශියාඕයැං සූ සමත් වූවාය. තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එක් ලකුණක් හෝ ලබාගැනීමට චීන ක්‍රීඩිකාවෝ ඉඩක් ලබා නොදුන්හ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ යටතේ සහභාගි වූ පළමු තරගයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 12-10 ක ජයක් වාර්තා කළේය. මූලික වටයේදී ඔවුන් සහභාගි වන අවසන් තරගය හොං කොං රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 9.26 ට ආරම්භ වීමට නියමිතය.

-036

 


අදහස් (0)

චීන ක්‍රීඩිකාවෝ අණසක පතුරවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.