Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාපති කුසලාන සී.එච්. පිලට

ගුවන් හමුදාපති කුසලාන සී.එච්. පිලට

editorial - 2021 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ශානුක අරවින්ද)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජයත් අතර පැවැති ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වූ අතර අදියර දෙකෙහිම ජය තමන් සතුකර ගනිමින් සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

තරගාවලියේ දෙවැනි අදියර ඉකුත් සෙනසුරාදා (22 වැනිදා) රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඉන් ලකුණු 29-11 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.එච්. ක්‍රීඩකයෝ සමත් වූහ.  තරගාවලියේ පළමු අදියර ලකුණු 23-21 ක් ලෙස ජය ගැනීමට සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටි අතර මෙම දෙවැනි අදියරේ ලකුණුවල එකතුවත් සමගින් ලකුණු 52-32 ක් ලෙස (ලකුණු 20 කින්) සමස්ත තරගාවලියේ ජය ඔවුන් සතු විය.

ලකුණු 13-6 ක් ලෙස පළමු අර්ධය නිමාවන විට පෙරමුණ ගත් සී.එච්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 16 ක් එක් කළහ. ගුවන් හමුදාවට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

මෙම තරගයේදී සී.එච්. සහ එෆ්.සී. කණ්ඩයාම උත්සාහක දිනුම් 5 ක් වාර්තා කළ අතර ඉන් 2 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගන්නා ලදි. ගුවන් හමුදා කණ්ඩායම ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක්, ඩ්‍රොප්‍ ගෝලයක් සහ එක් දඬුවම් පහරක් මගිනි.

 සී.එච්. කණ්ඩායම වෙනුවෙන් අවිෂ්ක ලී උත්සාහක දිනුම් 2 ක්ද, සුදර්ශන මුතුතන්ත්‍රී, ඔමල්ක ගුණරත්න සහ ප්‍රසාද් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. ඉන් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක කර ගැනීමට තේනුක නානායක්කාරට හැකිවිය.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් රුමේෂ් රාම්දාස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඉෂාර මධුෂාන් ඩ්‍රොප් ගෝලයක්ද, චරිත් සෙනෙවිරත්න දඩුවම් පහරක්ද සාර්ථක කරගත්තේය.

රට තුල පවතින කොවිඩි-19 වසංගතය හේතුවෙන් ඉකුත් වසරේ (2020) මාර්තු ම‍ාසයේ සිට ඇණහිට තිබූ රග්බි ක්‍රිඩාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම තරගාවලිය සංවිධානය කළේය. තරගාවලිය සඳහා සහභාගී වූ සියලුම ක්‍රීඩකයන් සහ සහායක කාර්යය මණ්ඩල සති දෙකකට ආසන්න කාලයක් ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැදෙමින් පුහුණුවීම්වල නිරත වූ අතර තරගාවලිය නරඹන්නන් නොමැතිව පැවැත්විණ.


අදහස් (0)

ගුවන් හමුදාපති කුසලාන සී.එච්. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.