Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලිය කල්යයි

ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලිය කල්යයි

editorial - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය වී තිබේ.  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සූදානම් කළ මෙම තරගාවලිය මාර්තු 20-21 හා 26-27 යන දිනවල රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණි.

රට තුළ උද්ගතව තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිය යුතු තරමින් පාලනය වීමෙන් පසුව මෙම සත් සාමාජික රග්බි තරගාවලිය නැවත පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරෙන බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

වසරකට ආසන්න කාලයක් පුරා දේශීය රග්බි තරගාවලි අත්හිටුවා තිබෙන අතර  නැවත රට තුළ රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කිරීමට සූදානම් කෙරිණ. එහෙත් තවදුරටත් උද්ගතව තිබෙන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය හා කළ සාකච්ඡාවකින් පසුව එය කල් දැමීමට තීරණය කළ බවත් තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති.


අදහස් (0)

ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.