Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාපති කුසලාන රග්බි 13 - 20 දිනවල

ගුවන් හමුදාපති කුසලාන රග්බි 13 - 20 දිනවල

editorial - 2021 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොරෝනා වසංගතය හේතුවෙන් වසරකට පමණ වැඩි කාලයක් නතර වී තිබූ රග්බි තරග ආරම්භ කරමින්  ගුවන් හමුදාපති කුසලාන තරගාවලිය මේ මස 13 වැනිදා ආරම්භ වේ. මෙම තරගාවලියේ අදියර දෙකක් වන අතර එහිදී ගුවන් හමුදා රග්බි ක්‍රීඩා සමාජයට එරෙහිව සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසීමට නියමිතය.   

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන මෙම සුහද තරගාවලියේ පළමු අදියර මෙම මස 13 වැනිදා කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදීද, දෙවැනි අදියර 20 වැනිදා රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට කටයුතු ‍යොදා තිබේ. 

 ගුවන් හමුදා රග්බි ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කෝසල නුවන් කුමාරට හිමිව ඇති අතර ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රී සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

ප්‍රතිසංස්කරණය කරන ලද කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයෙන් පසුව තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට නියමිත අතර එය පස්වරු 6.30 ට ආරම්භ වනු ඇත. රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 4.30 ටය.

මෙම තරග දෙකෙහිම ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිත අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ්-19 වසංගතය වැළැක්වීමේ මාගෝපදේශයන්ට අනුකූලව තරගාවලිය පැවැත්වෙනු ඇත.a


අදහස් (0)

ගුවන් හමුදාපති කුසලාන රග්බි 13 - 20 දිනවල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.