Last Update  :  2024-05-06 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් - නාවුක ගැටුමෙන් දෙවැනි සතිය ඇරඹේ
අන්තර් සමාජ රග්බි ලීගය

ගුවන් - නාවුක ගැටුමෙන් දෙවැනි සතිය ඇරඹේ

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ දෙවැනි සතිය ආරම්භ කරමින් ගුවන් හමුදාව සහ නාවික හමුදාව අනිද්දා (8 වැනිදා) පස්වරු 3.45 ට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වනු ඇත. 

පළමු සතියේ පැවැති තරගවලදී හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ගුවන් හමුදාවත්, පොලිසිය හමුවේ නාවික හමුදාවත් පරාජයට පත්ව තිබීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යෑම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජය ඉතා වැදගත් වී තිබේ. 

දෙවැනි සතියේදී පැවැත්වෙන කාන්තා තරගයද ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර හෙට පැවැත්වෙන බැවින් එය පිරිමි තරගයට පෙර එනම් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. එම තරගය නිමාවට පත්වීමෙන් අනතුරුව පිරිමි තරගය ආරම්භ වනු ඇත.

දෙවැනි සතියේ තවත් තරග දෙකක් 9 වැනිදා පස්වරු 3.45 සිට පැවැත්වෙන අතර එහිදී යුද හමුදාවට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීද, පොලිසියට එරෙහිව සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත. 

හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ඉරිදා (10 වැනිදා) පැවැත්වෙන තරගයෙන් රග්බි ලීගයේ දෙවැනි සතිය නිමාවට පත්වන අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය පස්වරු 6.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙනු ඇත. 


අදහස් (0)

ගුවන් - නාවුක ගැටුමෙන් දෙවැනි සතිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.