Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගියවර ශූරයෝ - අනු ශූරයෝ අද ගැටෙති

ගියවර ශූරයෝ - අනු ශූරයෝ අද ගැටෙති

editorial - 2023 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඉකුත් වසරේදී (2022) පැවැති පාසල් රග්බි ලීගයේ ශූරයන් බවට පත්වූ කොළඹ ඉසිපතන විදුහල සහ අනු ශූරයන් බවට පත් වූ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර මෙවර (2023) පාසල් රග්බි ලීගයේදී පැවැත්වෙන මූලික වටයේ තරගය හෙට (20 වැනිදා) පස්වරු 4.15 සිට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. 

මෙම තරගයෙන් මෙවර පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි සතියේ තරග ආරම්භ වන අතර පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරග දෙකක්ද හෙට පැවැත්වේ. එහිදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලද, පිළියන්දල මැදි විදුහලට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහලද තරග වැදීමට නියමිතය. 

දෙවැනි සතියේ තරග අවසන් වන විට පළමු කොටසේ ‘ඒ-1’ අනු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ඉසිපතන විදුහලත්, ‘ඒ-2’ අනු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ රාජකීය විදුහලත් සමත් විය. කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල පිළිවෙලින් ‘ඒ’-1 අනු කාණ්ඩයේ සහ ‘ඒ’-2 අනු කාණ්ඩයේ දෙවැනි ස්ථානවල රැදී සිටියේය. 

‘ඒ’ කාණ්ඩයේ සෙසු තරග 

ජූලි 1 වැනිදා 

  • ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර 
  • කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර 
  • කොළඹ රාජකීය විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර 
  • මරදාන සහිරා විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර 
  • මහනුවර ධර්මරාජ විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර 

‘බී’ කාණ්ඩයේ සෙසු තරග 

ජූලි 1 වැනිදා 

  • කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර 
  • කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර 
  • කොළඹ කේරි විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර 

ජූලි 2 වැනිදා 

  • මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර 

 


අදහස් (0)

ගියවර ශූරයෝ - අනු ශූරයෝ අද ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.