Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි මාලාවේ තෙවැනි සහ අවසන් අදියර වන ශ්‍රී ලංකා තරගාවලිය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී මේ මස 13 සහ 14 දෙදින පැවැත්වේ.
මෙම තරගාවලියේදී ජපානය, දකුණු කොරියාව, පිලිපීනය සහ මැලේසියාව ‘ඒ’ කණ්ඩායේද, හොංකොං, චීනය, ශ්‍රී ලංකාව සහ චීන තායිපේ ‘බී’ කාණ්ඩයේද පළමු වටයේ තරග කරයි. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වන පළමු තරගය මේ මස 13 වැනිදා පස්වරු 3.42 ට චීනයට එරෙහිව පැවැත්වේ.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු පීටර් වුඞ්ස් මහතා පවසන්නේ ‘බී’ කාණ්ඩයේ පසු පසින්ම සිටින චීන තායිපේ පිලෙන් අභියෝගයක් යොමු නොවුණ ද, හොංකොං සහ චීනය හමුවේ පළමු වටයේදී හොඳින් ක්‍රීඩා කළයුතුව ඇති බවයි.
“ශ්‍රී ලංකාව දශක දෙකකින් පමණ හොං කොං පිලට එරෙහිව ජයග්‍රහණයේ සේයාවකට හෝ ළඟා නොවීම දැඩි ගැටලුවක්” යැයි පුහුණුකරුවා වැඩි දුරටත් පැවසීය.
හොං කොං තරගාවලියේදී ආබාධවලට ලක්වූ ප්‍රබල ක්‍රීඩකයන් වන කවිඳු පෙරේරා, ධනුෂ්ක රංජන් සහ ගයාන් විරරත්න මෙම තරගාවලියේදී ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.
හොංකොංහිදී සහ දකුණු කොරියාවේදී පැවැති අදියර දෙකේදී ජපානය පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව එහිදී සිවුවැනි ස්ථානය හිමිකර ගත්තේය.
පිරිමි තරගාවලියේ කුසලාන ශූරතාව සහ අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායම් දෙකට ලබන වසරේ හොංකොං සත්සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ.
කාන්තා තරගාවලියේදී හොං කොං, ශ්‍රී ලංකාව, ජපානය සහ දකුණු කොරියාව ‘සී’ කාණ්ඩයේ ද, චීනය, තායිලන්තය, කසකස්තානය සහ සිංගප්පූරුව ‘බී’ කාණ්ඩයේ ද, කාන්තා තරගාවලියේ පළමු වටයේ තරග කරයි.
කාන්තා තරගාවලියේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර ලබන වසරේ හොං කොං කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකා පිරිමි පිලේ පළමු වටයේ තරග කාලසටහන
● 13 වැනිදා - ශ්‍රී ලංකාව සහ චීනය අතර පස්වරු 3.42
● 13 වැනිදා - ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර පස්වරු 7.22
● 14 වැනිදා - ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පස්වරු 12.12
ශ්‍රී ලංකා කාන්තා පිලේ පළමු වටයේ තරග කාලසටහන
● 13 වැනිදා - ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පස්වරු 3.36
● 13 වැනිදා - ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පස්වරු 5.20
● 14 වැනිදා - ශ්‍රී ලංකාව සහ ජපානය අතර පෙරවරු 10.44
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.