Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කාන්තා සත් සාමාජික රග්බි ඉරිදා

කාන්තා සත් සාමාජික රග්බි ඉරිදා

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලිය කණ්ඩායම් 12 ක සහභාගිත්වයෙන් හැව්ලොක්ස් පිටියේදී ඉරිදා (19) මධ්‍යහ්න 12.00 සිට පැවැත්වේ.

මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිත අතර කුසලාන ශූරතා අවසන් මහ තරගය රාත‍්‍රී 8.20 ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියට ප‍්‍රබල කාන්තා කණ්ඩායම් වන යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ පළමු වටය කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ හතරක් යටතේ පැවැත්වේ. පළමු වටයේ ප‍්‍රතිඵල අනුව කුසලාන, පළඟ, බ`දුන සහ පළිහ යන ශූරතා සදහා තරගාවලිය ක‍්‍රියාත්මක වේ.


තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:

‘ඒ’ කාණ්ඩය:
නාවික හමුදා ‘ඒ’, රත්ගම රග්බි සංගම් පිල සහ සබරගමුව රග්බි සංගම් පිල

‘බී’ කාණ්ඩය:
ගුවන් හමුදා ‘ඒ’, නාවික හමුදා ‘බී’ සහ අම්පාර බ්ලැක් ලයන්ස්

‘සී’ කාණ්ඩය:
යුද හමුදා ‘බී’, තලාතුඔය බ්ලැක් ඒන්ජල්ස් සහ නුගෙවල රග්බි සංගම් පිල

‘ඞී’ කාණ්ඩය:
යුද හමුදා ‘ඒ’, රත්ගම ටයිගර්ස් සහ ඌව හන්ටර්ස් පිල

 


-  048

 


අදහස් (0)

කාන්තා සත් සාමාජික රග්බි ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.