Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කණ්ඩායම් 3 ක් සම ලකුණු ලබා පෙරමුණේ

කණ්ඩායම් 3 ක් සම ලකුණු ලබා පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අවසන්වන විට සී.ආර්. සහ එෆ්.සී., නාවික හමුදා ‘ඒ’ සහ සී.එච් සහ එෆ්.සී. ‘ඒ’ යන කණ්ඩායම් තරග 3 බැගින් ජය ගනිමින් පෙරමුණ ගැනීමට සමත් විය.

තරගාවලියේ දෙවන අදියරේ මූලික තරග අද (16 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේ පැවති එම තරගවලදී පොලිසිය ‘ඒ ’ කණ්ඩායමට එරෙහිව පැවති ආරම්භක තරගයම ලකුණු 38-24 ක් ලෙස ජයගත් සී.ආර් සහ එෆ්.සී  කණ්ඩායම, ලකුණු 17-0 ක් ලෙස සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායමද, ලකුණු 32-5 ක් ලෙස යුද හමුදා ‘බී’ කණ්ඩායමද පරාජය කළේය.

සී.එච් සහ එෆ්. සී ‘ඒ’ කණ්ඩායමද අද පැවති තරග 3 කදී පීටර්සන් ක්‍රීඩා සමාජ ‘බී’, නාවින හමුදා ‘සී’ සහ නාවික හමුදා ‘බී’ යන කණ්ඩායම් වලට එරෙහිව පිළිවෙලින් ලකුණු 56-0, 37-5 සහ 40-5 ලෙස ජය වාර්තා කළේය.   

සී.ආර් සහ එෆ්.සී  කණ්ඩායම සහ සී.එච් සහ එෆ්. සී ‘ඒ’ ක්‍රීඩා සමාජය මෙන්ම කරට කර තරගයක් දුන් නාවික හමුදා ‘ඒ’  කණ්ඩායමද ඔවුන් සහභාගී වූ තරග 3 ජය ගත්තේ යුද හමුදා කෙටේරියන්ස්, ගාල්ල ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ‘ඒ ’ යන කණ්ඩායම් පරාජයට පත් කරමිනි.


දෙවැනි අදියරේ සෙසු තරග හෙට (17 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විමට නියමිතය.

පළමු දිනයේ තරග ප්‍රතිඵල
■    සී.ආර් සහ එෆ්.සී  කණ්ඩායම විසින් ලකුණු 38-24 ලෙස පොලිසිය ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.
■    සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 22-17 ලෙස යුද හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
■    ගුවන් හමුදා ‘ඒ ’ කණ්ඩායමට නිතරග ජයක්
■    පොලිසිය ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 38-5 ලෙස පීටර්සන් ‘ඒ ’ කණ්ඩායම පරාජය කරන ලදී.
■    සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 56-0 ලෙස පීටර්සන් ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
■    නාවික හමුදා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු  29-12 ලෙස නාවික ‘සී’ කණ්ඩායම පරාජය කරන ලදී.
■    නාවිකා හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 52-7 ලෙස යුද හමුදා කෙටේරියන්ස් කණ්ඩායම පරාජය කරන ලදී.
■    යුද හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 43-5 ලෙස ගාල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදී.
■    පොලිසිය ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 12-5 ලෙස යුද හමුදා ‘බී’  කණ්ඩායම පරාජය කරන ලදී.
■    සී.ආර් සහ එෆ්.සී  කණ්ඩායම විසින් ලකුණු 17-0 ලෙස සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
■    ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 41-5 ලෙස පීටර්සන් ක්‍රීඩා සමාජ ‘ඒ ’  ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදී.
■    පොලිසිය ‘බී’ කණ්ඩායමට නිතරග ජයක්
■    සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 37-5 ලෙස නාවිකහමුදා ‘සී ’ කණ්ඩායම පරාජය කරන ලදී.
■    නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 41-0 ලෙස ගාල්ල ක්‍රීඩා සමාජ  කණ්ඩායම පරාජය කරන ලදී.
■    නාවික මහුදා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 32-5 ලෙස පීටර්සන්  ‘බී’  කණ්ඩායම පරාජය කරන ලදී.
■    යුද හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 10-5 ලෙස යුද හමුදා කෙටේරියන්ස් කණ්ඩායම පරාජය කරන ලදී.
■    යුද හමුදා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 32-5 ලෙස සී.ආර් සහ එෆ්.සී  කණ්ඩායම පරාජය කරන ලදී.
■    සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 22-12 ලෙස පොලිසිය ‘ඒ’  කණ්ඩායම පරාජය කරන ලදී.
■    පීටර්සන් ක්‍රීඩා සමාජයට නිතරග ජයක්
■    ගුවන් හමුදා ‘ඒ’  කණ්ඩායම විසින් ලකුණු 10-5 ලෙස පොලිසි ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
■    නාවික හමුදා ‘සී’ කණ්ඩායම විසින් ලකුණු 43-0  ලෙස පීටර්සන් ‘බී’ ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදී.
■    සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 40-5 ලෙස නාවික හමුදා ‘බී’  කණ්ඩායම පරාජය කරන ලදී.
■    ගාල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 17-5 ලෙස යුද හමුදා කෙටේරියස් කණ්ඩායම පරාජය කරන ලදී.
■    නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 17-7 ලෙස යුද හමුදා ‘ඒ ’ කණ්ඩායම පරාජය කරන ලදී.

 


අදහස් (0)

කණ්ඩායම් 3 ක් සම ලකුණු ලබා පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.