Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කණ්ඩායම් 3 ක් සම ලකුණු ලබා පෙරමුණේ

කණ්ඩායම් 3 ක් සම ලකුණු ලබා පෙරමුණේ

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය අවසාන්වන විට නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම, සී.එච් සහ එෆ්. සී ‘ඒ’ කණ්ඩායම සහ මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 9 බැගින් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.

තරගාවලියේ පළමු වටය යටතේ තරග අද (2 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදි පැවැති තරග වලදි ගුවන් හමුදා ‘බී’  කණ්ඩායම එරෙහිව පැවැති ආරම්භක තරගයම ලකුණු 38-5 ක් ලෙස ජයගත් නාවිකා හමුදා ‘ඒ’ කණ්ඩායම, ලකුණු 40-0 ක් ලෙස නාවිකා හමුදා ‘සී’ කණ්ඩායමද, ලකුණු 26-19 ක් ලෙස යුද හමුදා ‘ඒ’ කණ්ඩායමද පරාජය කළේය.

මහනුවර ක්‍රීඩා සමාජයද අද පැවති තරග 3 කදි සබරගමුව, ගාල්ල සහ හැව්ලොක් යන ක්‍රිඩා සමාජ වලට එරෙහිව පිළිවෙලින් ලකුණු 50-0 ක්, 46-0 ක් සහ 22-0 ක් ලෙස ජය වාර්තා කළේය.  

නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සහ මහනුවර ක්‍රීඩා සමාජය මෙන්ම කරට කර තරගයක් ලබාදුන් සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායමද ඔවුන් සහභාගි වූ තරග 3 ජය ගත්තේ සී.එච් සහ එෆ්.සී ‘බී’, නාවික හමුදා ‘බී’ සහ පොලීසිය ‘බී’ යන කණ්ඩායම් පරාජයට පත් කරමිනි.

පළමු වටයේ සෙසු තරග හෙට (3 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදි පැවැත්විමට නියමිතය.

පලමු දිනයේ තරග ප්‍රතිඵල

  • නාවිකා හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 38-5 ලෙස ගුවන් හමුදා ‘බී’  කණ්ඩායම පරාජය කරන ලදි.
  • යුද හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 54-7 ලෙස නාවික හමුදා ‘සී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 59-0 ලෙස ගාල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 50-0 ලෙස සබරගමුව ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • යුද හමුදා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 34-7 ලෙස පීටර්සන් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • නාවික හමුදා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු  19-10 ලෙස පොලිසිය ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 28-17 ලෙස සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 31-0 ලෙස පොලිසිය ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • නාවිකා හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 40-0 ලෙස නාවික හමුදා ‘සී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • යුද හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 31-14 ලෙස ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 38-0 ලෙස සබරගමුව ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 46-0 ලෙස ගාල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • නාවික හමුදා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 29-0 ලෙස පීටර්සන් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • පොලිසිය ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 31-7 ලෙස යුද හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 40-0 ලෙස පොලිසිය ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 19-10 ලෙස සී.එච් සහ එෆ්.සී ‘බී’  කණ්ඩායම පරාජය කරන ලදි.
  • නාවික හමුදා ‘සී’ කණ්ඩායම විසින් ලකුණු 24-21 ලෙස ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • නාවිකා හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 26-19 ලෙස යුද හමුදා ‘ඒ’  කණ්ඩායම පරාජය කරන ලදි.
  • ගාල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 10-0 ලෙස සබරගමුව ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 22-0 ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • යුද හමුදා ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 14-12  ලෙස නාවික හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • පොලිසිය ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 56-0 ලෙස පීටර්සන් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදි.
  • සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 12-7 ලෙස පොලිසිය ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
  • සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 31-21 ලෙස නාවික හමුදා ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.


-024

 

 


අදහස් (0)

කණ්ඩායම් 3 ක් සම ලකුණු ලබා පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.