Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඊගල්ස් රග්බි සෙවන්ස් කුසලාන කින්ස්වුඩ් පිලට

ඊගල්ස් රග්බි සෙවන්ස් කුසලාන කින්ස්වුඩ් පිලට

editorial - 2025 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ආදි රග්බි ක්‍රීඩකයන්ගේ සංගමයේ සංවිධානත්වයෙන් කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති ‘ඊගල්ස් රග්බි සෙවන්ස්’ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට මහනුවර කින්ස්වුඩ් විදුහල් ආදි රග්බි ක්‍රීඩකයෝ සමත් වූහ. 

දිවයිනේ ප්‍රධාන පෙළේ පාසල් 13 ක ආදි රග්බි ක්‍රීඩකයන්ගේ කණ්ඩායම් 13 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 14-12 ක තියුණු ජයක් වාර්තා කරමින් කින්ස්වුඩ් විදුහල් කණ්ඩායම කුසලාන ශූරතාවට හිමිකම් කීවේය. 

කුසලාන ශූරතාව සඳහා වූ අවසන් පූර්ව තරගවලදී ලකුණු 21-07 ක් ලෙස ඉසිපතන විදුහල් කණ්ඩායම පරාජය කිරීමට කින්ස්වුඩ් විදුහලත්, ලකුණු 21-00 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කිරීමට ශාන්ත පීතර විදුහලත් සමත් විය. 

අවසන් මහ තරගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල ලකුණු 29-00 ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ පලඟ ශූරතාව හිමිකර ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සමත් විය. විද්‍යාර්ථ විදුහල ලකුණු 33-07 ක් ලෙස කොළඹ මහානාම විදුහල පරාජයට කරමින්ද, ඩී.එස්. විදුහල ලකුණු 17-07 ක් ලෙස මරදාන සහිරා විදුහල පරාජය කරමින්ද අවසන් මහ තරගයට පිවිසියේය. 

කොළඹ වෙස්ලි විදුහල බඳුන ශූරතාව හිමිකර ගත්තේ අවසන් මහ තරගයේදී ලකුණු 19-00 ක් ලෙස මාතලේ ශාන්ත තෝමස් විදුහල පරාජය කරමිනි. මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 21-19 ක ජයක් ලබමින් වෙස්ලි විදුහලත්, කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව ලකුණු 17-00 ක ජයක් ලබමින් ශාන්ත තෝමස් විදුහලත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. 


-036 

කුසලාන ශූරතාවය - මහනුවර කින්ස්වුඩ් විදුහල 

 

කුසලාන අනු ශූරතාවය - කොළඹ ශාන්ත පීතර විදුහල 

 

බඳුන ශූරතාවය - කොළඹ වෙස්ලි විදුහල 

 

පළඟ ශූරතාවය -  මහනුවර විද්‍යාර්ථ විදුහල 


අදහස් (0)

ඊගල්ස් රග්බි සෙවන්ස් කුසලාන කින්ස්වුඩ් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.