Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතනය සිවුවැනි ජයත් ලබයි
අන්තර් පාසල් රග්බි

ඉසිපතනය සිවුවැනි ජයත් ලබයි

editorial - 2023 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (7 වැනිදා) පැවැති සිවුවැනි සතියේ තරගයකදී ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 22-06 ක ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල සමත් විය. ඔවුන් මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ සිවුවැනි ජය මෙය විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-06 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී උත්සාහක දිනුම් දෙකකින් ඉසිපතන විදුහල ලකුණු රැස්කළ අතර ඩී.එස්. සේනානායක විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහර 2 කිනි.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් තවත් ලකුණු 12 ක් රැස්කිරීමට සමත් වූ ඉසිපතන ක්‍රීඩකයෝ, එහිදී ඩී.එස්. ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන්හ. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 22-06 ක් ලෙස තරගයේ ජය ඉසිපතන විදුහල සතු විය.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ඉසිපතනය සිවුවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.