Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතනය දෙවැනි කාණ්ඩයේ පෙරමුණට එයි
අන්තර් පාසල් රග්බි

ඉසිපතනය දෙවැනි කාණ්ඩයේ පෙරමුණට එයි

editorial - 2025 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටයේ දෙවැනි සතිය නිමාවට පත්වන විට දෙවැනි කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ලකුණු 12 ක් ලබා සිටින කොළඹ ඉසිපතන විදුහල සමත්ව තිබේ.
 
පළමු සතිය අවසානයේ දෙවැනි කොටසේ දෙවැනි ස්ථානයේ පසුවූ ඉසිපතන විදුහල එහි පෙරමුණට පැමිණියේ මරදාන සහිරා විදුහල තෙවැනි ස්ථානයට ඇද දමමිනි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ ලකුණු 12 ක් ලබා සිටින ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලය. 

කෙසේ වුවත් තවදුරටත් පළමු සහ තෙවැනි කාණ්ඩවල පෙරමුණ රැකගැනීමට කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ රාජකීය විදුහල සමත්ව ඇත්තේ දෙවැනි සතියේදී සහභාගි වූ තරගද ප්‍රසාද ලකුණක් සමග ජය ලබමිනි. මේ වන විට ඔවුන් ලකුණු 12 බැගින් ලබා සිටියි.
 
පළමු කාණ්ඩයෙන් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලත්, තෙවැනි කාණ්ඩයෙන් මහනුවර ත්‍රිත්ව විදුහලත් ලකුණු 12 බැගින් ලබා සිටියද මෙතෙක් පැවැති තරගවලදී ලැබූ ලකුණු සහ දුන් ලකුණුවල පරතරයන්ට අනුව ඔවුන් පිළිවෙලින් එම කාණ්ඩවල දෙවැනි ස්ථානවල රැදී සිටියි.  

කණ්ඩායම් 18 ක් සහභාගි වන මෙම තරගාවලියේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වන කාණ්ඩ 3 ක් යටතේ සතිපතා තරග පැවැත්වේ. එහිදී ජයග්‍රහණයක් සඳහා කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර ලකුණු සම වීමෙන් හෝ විසඳුමකින් තොරව නිමාවට පත්වන තරගයක් සඳහා කණ්ඩායමකට ලකුණු 3 ක් හිමිවේ.

මෙම තරගාවලියේ මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත. තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට පළඟ ශූරතාව සඳහාද, පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට බඳුන ශූරතාව සඳහාද තරග වැදීමට සිදුවනු ඇත. 


අදහස් (0)

ඉසිපතනය දෙවැනි කාණ්ඩයේ පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.