Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන ක්‍රීඩකයෝ ශාන්ත ජෝෂප් පරදවති
අන්තර් පාසල් රග්බි

ඉසිපතන ක්‍රීඩකයෝ ශාන්ත ජෝෂප් පරදවති

editorial - 2023 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (30 වැනිදා) පැවැති තරගයකදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 28-18 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-08 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී උත්සාහක දිනුම් දෙකකින් ඉසිපතන විදුහල ලකුණු රැස්කළ අතර ශාන්ත ජෝෂප් විදුහල ලකුණු රැස්කළේ උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකිනි.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු 18 ක් රැස්කිරීමට ඉසිපතන විදුහල සමත් වෙද්දී, ශාන්ත ජෝෂප් විදුහලට ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසානයේ ඉසිපතන විදුහලට ලකුණු 28-18 ක ජයක් හිමිවිය.

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ඉසිපතන ක්‍රීඩකයෝ ශාන්ත ජෝෂප් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.