Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන - ශාන්ත පීතර අපරාජිතව ඉදිරියට
අන්තර් පාසල් රග්බි

ඉසිපතන - ශාන්ත පීතර අපරාජිතව ඉදිරියට

editorial - 2023 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ පාසල් රග්බි ලීගයේ පස්වැනි සතිය නිමාවට පත්වන විට ‘ඒ’-1 කාණ්ඩයෙන් කොළඹ ඉසිපතන විදුහලත්, ‘ඒ’-2 කාණ්ඩයෙන් බම්බලපිටිය ශාන්ත විදුහලත් අපරාජිත බව රැකගැනීමට සමත් වී තිබේ.

මේ දක්වා තරග 5 කට සහභාගි වී සිටින ඉසිපතන විදුහල, ප්‍රසාද ලකුණු 5 ක්ද සමග එම තරග 5 ම ජයගනිමින් මුලු ලකුණු 30 ක් ලබා සිටියි. ප්‍රසාද ලකුණු 2 ක්ද සමග සහභාගි වූ 4 ම ජයගෙන සිටින ශාන්ත පීතර විදුහල මේ වන විට ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 22 කි.

මෙතෙක් සහභාගි වූ තරගවලදී තරග 4 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්ව සිටින කොළඹ රාජකීය විදුහල ‘ඒ’-2 කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 5 ක්ද සමග ලකුණු 25 කට හිමිකම් කියමිනි.  


අදහස් (0)

ඉසිපතන - ශාන්ත පීතර අපරාජිතව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.