Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන - රාජකීය විදුහල් පෙරමුණ ගනිති

ඉසිපතන - රාජකීය විදුහල් පෙරමුණ ගනිති

editorial - 2023 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ පාසල් රග්බි ලීගයේ දෙවැනි සතිය නිමාවට පත්වන විට ‘ඒ’-1 කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ඉසිපතන විදුහලත්, ‘ඒ’-2 කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ රාජකීය විදුහලත් සමත් වී තිබේ. 

මේ දක්වා තරග 2 කට සහභාගි වී සිටින ඉසිපතන විදුහල, ප්‍රසාද ලකුණුද සමග එම තරග දෙකම ජයගනිමින් මුලු ලකුණු 12 ක් ලබා සිටියි. සහභාගි වූ තරග දෙකෙන් එක් තරගයක් ප්‍රසාද ලකුණද සමග ජයගත් රාජකීය විදුහල මේ වන විට ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 7 කි. 

මෙතෙක් සහභාගි වූ තරග දෙකේදී එක් තරගය බැගින් ජයගෙන සිටින කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 6 බැගින් ලබා පිළිවෙලින් ‘ඒ’-1 කාණ්ඩයේ සහ ‘ඒ’-2 කාණ්ඩයේ දෙවැනි ස්ථානවල රැදී සිටියි. 

 


අදහස් (0)

ඉසිපතන - රාජකීය විදුහල් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.