Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු වටයේ තෙවැනි සතිය යටතේ ඉසිපතන විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (10) පස්වරුවේ පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 53-5 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 5 කින් ලකුණු ලැබීය. කිංග්ස්වුඞ් විදුහලට සාර්ථක කළ හැකි වූයේ උත්සාහක දිනුමක් පමණි.
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම ග‍්‍රහණයට හසුකර ගනිමින් ලකුණු 36-0 ක් ලෙස පළමු අර්ධය අවසන් කිරීමට සමත් වූහ.
ඉසිපතන විදුහල වෙනුවෙන් ඞී. පත්මසංඛ උත්සාහක දිනුම් දෙකක්, අයි. එස්. සිල්වා, එස්. එල්. ප‍්‍රනාන්දු, එස්. රුබේරු, ඊ. වීරතුංග, එස්. ගයානාත්, එම්. මාණාභරණ සහ පී. ගුණරත්න උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කළහ.
දිලීප හෙට්ටිආරච්චි සහ එච්. වික‍්‍රමරත්න ගෝල ප‍්‍රවර්ථන දෙක බැගින් සාර්ථක කිරීමට සමත් වූහ.
කිංග්ස්වුඞ් විදුහලට එකම උත්සාහක දිනුම ටී. වැලිගම්පොළ සම්පූර්ණ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.