Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විදුහල සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී අද (22) පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් පිල ලකුණු 71-5 ක පහසු ජයක් ලැබීය.
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 32-5 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට ඉදිරියට පැමිණීමට සමත්ව සිටියහ.
ජයග‍්‍රාහි ඉසිපතන විදුහල් ගෝල 6 කින්, උත්සාහක දිනුම් 4 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු 71 රැස් කළේය. කන්නංගර විදුහල උත්සාහක දිනුමක් පමණක් සාර්ථක කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.