Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉල්ලියාස් රග්බි මුල් පුටුවට ළංවෙයි

ඉල්ලියාස් රග්බි මුල් පුටුවට ළංවෙයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධූරය සඳහා තරග කිරීමට එහි වත්මන් උප සභාපති රිස්වි ඉල්ලියාස් මහතාට බස්නාහිර පළාත් රග්බි සංගමයේ අනුමැතිය හිමිවී තිබේ.

බස්නාහිර පළාත් රග්බි සංගමය පෙරේදා (13) කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේදී රැස්වූ අතර එහිදී ඉදිරි ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණයේදී සභාපති ධූරයට ඉල්ලියාස් මහතාගේ නම පමණක් යෝජනා වී තිබේ.

බස්නාහිර පළාත් රග්බි සංගමයේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’යට පැවසුවේ ඉල්ලියාස් මහතාගේ නාමයෝජනාවට සිය සංගමයේ සාමාජිකයන්ගේ අනුමැතිය ලැබුණු බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම රග්බි පරිපාලකයකු වන ඉල්ලියාස් මහතා මෙවර නිලවරණයේදී එහි මුල් පුටුවට නිතරගයෙන් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රධානතම පාර්ශවකරුවකු වන බස්නාහිර පළාත් රග්බි සංගමයට රග්බි නිලවරණයේදී ඡන්ද 21 ක හිමිකමක් පවතී.

ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ ඉදිරි වසර දෙකක් සඳහා වන නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය අගෝස්තු 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා බාරගැනීම ලබන සඳුදා (20) අවසන් වේ.


අදහස් (0)

ඉල්ලියාස් රග්බි මුල් පුටුවට ළංවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.