Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා රග්බි සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවලංගු කිරීමට එම ක්‍රීඩා සමාජය තීරණය කර තිබේ. එම ක්‍රීඩා සමාජයේ විශේෂ මහ සභා රැස්වීමක් පසුගියදා පැවැති අතර එහිදී ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත්කරගැනීමට තීරණය කර ඇත.
එම ඉල්ලා අස්වීමේ තීරණය පිරිසකගේ පෞද්ගලික තීරණයක් බවට පෙනී යන බවත් ඒ හේතුවෙන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට හිමි ඡන්ද බලය අහිමිවන බවත් සාමාජිකයෝ විශේෂ මහ සභා රැස්වීමේදී පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා රග්බි ආයතනයට විශේෂ මහ සභාවක් පැවැත්වීමට නොහැකි වූ පසුබිමක් යටතේ සාමාජිකත්වයෙන් ඉල්ලාඅස්වීම සාධාරණ නොවන බව එහිදී සාමාජිකයෝ වැඩි දුරටත් පෙන්වා දුන් බවද වාර්තා වේ. සාමාජිකයන්ගේ කරුණු දැක්වීම මත ඉල්ලාඅස්වීමේ තීරණය ඉවත්කරගැනීමට කටයුතු කළ බව දැනගන්නට තිබේ.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ඇතුළු පළමු පෙළ ක්‍රීඩා සමාජ හත ශ්‍රී ලංකාව රග්බි සංගමයේ යාවජීව සාමාජිකත්වය ඉල්ලා සිටීමෙන් මෙම තත්ත්වය උද්ගත විය.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථා වෙනසක් සඳහා පැවැත්වීමට සූදානම් වූ විශේෂ මහ සභාව ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වී අත්හිටුවීමත් සමඟ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සාමාජිකත්වයෙන් ඉල්ලාඅස්වීමට තීරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.