Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආසියානු 20 න් පහළ රග්බි තරග 21 දා සිට

ආසියානු 20 න් පහළ රග්බි තරග 21 දා සිට

ශනුක අරවින්ද - 2014 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය වන ආසියානු වයස 20 න් පහළ රග්බි තරගාවලිය මේ මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා රටවල් හතරක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මෙම තරගාවලියේ සියලූ තරග නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

මෙම තරගාවලියට සත්කාර ශ්‍රී ලංකාව, හොං කොං, දකුණු කොරියාව සහ චීන තායිපේ යන රටවල් සහභාගි වෙති.

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයා ලෙස මහනුවර ත‍්‍රිත්ව විදුහලේ තරින්ද රත්වත්තේ කටයුතු කරන අතර ඉසිපතන විදුහලේ සෙනාල් දීලක උප නායකයා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා පිල මේ වන විට වැලිසර නාවික හමුදා ක`දවුරේ නේවාසිකව පුහුණුවීම්වල නිරතව සිටියි.  

ජපානය මේ විටත් ආසියානු කළාපයෙන් ලෝක යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර මෙම තරගාවලියේ ශූරයන් වන කණ්ඩායම තවත් තරගාවලියකට ක‍්‍රීඩා කර ලෝක යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගත යුතුය.

තරග කාලසටහන (කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී)

  • සැප්. 21 - හොං කොං සහ චීන තායිපේ අතර තරගය පස්වරු 2.30
  • සැප්. 21 - දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය පස්වරු 4.30
  • සැප්. 24 - දකුණු කොරියාව සහ චීන තායිපේ අතර තරගය පස්වරු 2.30
  • සැප්. 24 - හොං කොං සහ ශ්‍රී ලංකාව අතර තරගය පස්වරු 4.30
  • සැප්. 27 - ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර තරගය පස්වරු 2.30
  • සැප්. 27 - හොං කොං සහ දකුණු කොරියාව අතර තරගය පස්වරු 4.30  

 


අදහස් (0)

ආසියානු 20 න් පහළ රග්බි තරග 21 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.