Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආපසු හැරී බලන්න බැරි තරගයක්
ලෝක කුසලාන රග්බි - 2023

ආපසු හැරී බලන්න බැරි තරගයක්

editorial - 2023 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර හෙට (21 වැනිදා) රාත්‍රියේ ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙයි. 

එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේ සියලුම තරග ජයග්‍රහණය කරමිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී 30-24 ක් ලෙසින් ෆිජි කණ්ඩයම පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම මූලික වටයේදී අයර්ලන්තය හමුවේ පරාජය වූ නමුත් අර්ධ අවසන් පූර්ව වටයේදී විශිෂ්ට තරගයකින් පසුව, ලකුණු 28-29 ක් ලෙස ප්‍රංශය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

දෙපිලෙන් කාට හෝ මෙය ආපසු හැරී බැලිය හැකි අවස්ථාවක් නොවේ.

“මේ තරගය පැරදුනොත්, සේරම ඉවරයි.. ඒ නිසා තියෙන දේ ලබාගන්න අපි දැනගන්න ඕනා” යයි දකුණු අප්‍රිකානු පුහුණුකරු ජැක් නයිනබර් කියයි. 

නයිනබර් පසුගිය ඉරිදා එම ස්ථානයේදීම ප්‍රංශය පරාජය කළ ක්‍රීඩකයන් 15 දෙනා කෙරේ විශ්වාසය තබා ඇත. මේ අතර ජෝන් ස්මිත්ගේ වාර්තාව සම කරමින් රග්බි ලෝක කුසලාන තරගයකදී සියා කොලිසි 11 වැනි වරටත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය දරයි


- 213


අදහස් (0)

ආපසු හැරී බලන්න බැරි තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.