Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අයර්ලන්ත සාර්ථකත්වයේ බලාපොරොත්තුව - සෙක්ස්ටන්

අයර්ලන්ත සාර්ථකත්වයේ බලාපොරොත්තුව - සෙක්ස්ටන්

ශනුක අරවින්ද - 2015 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වර්තමානයේ සිටින ‘ෆ්ලයිහාෆ්’ කී‍්‍රඩකයන් අතර ඉදිරියෙන්ම සිටින ‘ෆ්ලයිහාෆ්’ කී‍්‍රඩකයා ලෙස ජොනි සෙක්ස්ටන් හඳුන්වන්නේ නම් එය නිවැරැදිය. ඔහු දෙවැනි වෙතොත් ඒ නවසීලන්තයේ ඩැනියෙල් කාටර්ට පමණි.

අයර්ලන්ත කණ්ඩායම පළමු වරට ලෝක කුසලාන රග්බි තරගාවලියක අර්ධ අවසන් වටයට පිවිසෙන්නේ නම් ඊට ජොනි සෙක්ස්ටන්ගේ සාර්ථකත්වය අනිවාර්යය අවශ්‍යතාවකි.

පසුගිය වසරේ සය සාමාජික රග්බි ශූරතාව දිනාගැනීමට අයර්ලන්තය සමත්වන්නේ ජොනීගේ දස්කම් හේතුවෙනි. රග්බි කී‍්‍රඩාවට දැඩි කැපවීමක් සහිත කී‍්‍රඩකයන් කිහිපදෙනකු නම් කරන්නට යැයි පැවැසුහොත් ඔහු ඉදිරියෙන්ම තැබිය හැකි කී‍්‍රඩකයකු යැයි බි‍්‍රතාන්‍ය පුවත්පත් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 96 ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී සනත් - කළු සුසංයෝගය කෙතරම් වැදගත් වූයේද, මෑත ඉතිහාසයේදී ශී‍්‍ර ලංකා පිල ලබාගත් ටෙස්ට් ජයග‍්‍රහණ සඳහා සංගක්කාර - මහේල සම්බන්ධතාව කෙතරම් වැදගත් වූයේද, අයර්ලන්තයේ ජයග‍්‍රහණයට ජොනි සෙක්ස්ටන්ගේ දායකත්වය එතරම්ම වැදැගත්ය.

2011 වසරේදී ජාතීන් හයක් සහභාගී වූ තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති තරගයේ වීරයා වූයේද ජොනතන් සෙක්ස්ටන්ය. 2014 වසරේ ජාතීන් හයක් සහභාගී වූ තරගාවලියේ, වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ කී‍්‍රඩකයන් දෙදෙනා අතරින් එක් අයෙකු වූයේද සෙක්ස්ටන්ය.

 ප‍්‍රංශය සමඟ පැවැති අවසාන මහ තරගයේදී අයර්ලන්ත කණ්ඩායම ලකුණු 22 ක් වාර්තා කළ අතර ඉන් ලකුණු 17 ක් ම වාර්තා කළේ සෙක්ස්ටන්ය. ඊට උත්සාහක දිනුම් දෙකක් ද ඇතුළත් විය.


අදහස් (0)

අයර්ලන්ත සාර්ථකත්වයේ බලාපොරොත්තුව - සෙක්ස්ටන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.