Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපරාජිතයෝ හැව්ලොක් පිටියේදී හෙට ගැටෙති

අපරාජිතයෝ හැව්ලොක් පිටියේදී හෙට ගැටෙති

editorial - 2023 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන (2023) පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනි සතිය ආරම්භ කරමින් මේ දක්වා අපරාජිතව සිටින කණ්ඩායම් දෙකක් වන කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල හෙට (7 වැනිදා) පස්වරු 4.00 ට හැව්ලොක් පිටියේදී තරග බිමට පිවිසීමට නියමිතය. 

මේ දක්වා සහභාගි වූ තරග 3 ම ජයගෙන ඇති ඉසිපතන විදුහල ප්‍රසාද ලකුණු 3 ක් සමග ලකුණු 18 ක් ලබා ‘ඒ-1’ අනු කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. ඩී.එස්. සේනානායක විදුහල සහභාගි වූ තරග 2 ම ජයගනිමින් ප්‍රසාද ලකුණක් සමග ලකුණු 11 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.  
 
මෙතෙක් පැවැති තරගවලදී මහනුවර කිංග්ස්වුඩ්, ගල්කිස්ස සාන්ත තෝමස් සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පරාජය කිරීමට ඉසිපතන විදුහල සමත්ව ඇති අතර කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ කොළඹ වෙස්ලි විදුහල් මෙතෙක් පැවැති තරගවලදී ඩී.එස් සේනානායක විදුහල හමුවේ පරාජයට පත්ව තිබේ. 
 
ඉසිපතන විදුහල ඉකුත් වසරේ (2022) පැවැති පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් කණ්ඩායම වන අතර ඩී.එස් සේනානායක විදුහල ඉකුත් වසරේදී පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරග වැදී, මෙම වසරේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙකෙන් එකකි. 
 
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ යටතේ පැවැත්වෙන සිවුවැනි සතියේ සෙසු තරග 5 න් 3 ක් සෙනසුරාදාද (8 වැනිදා), 2 ක් ඉරිදාද (9 වැනිදා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී සහ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. 
 
‘ඒ’ කාණ්ඩයේ සෙසු තරග 
 
ජූලි 8 වැනිදා 
  • මහනුවර ත්‍රිත්ව විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී
  • කොළඹ රාජකීය විදුහල සහ මරදාන සහිරා විදුහල අතර කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී
  • මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී  
 
ජූලි 9 වැනිදා 
  • මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී 
  • කොළඹ වෙස්ලි විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කොලඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී 

අදහස් (0)

අපරාජිතයෝ හැව්ලොක් පිටියේදී හෙට ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.