Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අන්තර් ක්‍රීඩා සමාජ රග්බි 1 දා සිට

අන්තර් ක්‍රීඩා සමාජ රග්බි 1 දා සිට

editorial - 2023 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ලීග් රග්බි තරගාවලිය වන ‘නිපොන් පේන්ට්’ රග්බි ලීග් තරගාවලිය දෙසැම්බර් මස 01 වැනිදා ආරම්භ වෙයි. තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 01 වැනිදා හැව්ලොක්ස් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර පස්වරු 6.30 ට කොළඹ හැව්ලොක්ස් පිටියේදී ආරම්භ වේ. මෙම තරගය විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙන තරගයකි. 

පරිපාලනමය හේතූන් මත මේ වසරේ මැයි මස 17 වැනිදා අන්තර්ජාතික රග්බි සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට තාවකාළික තහනමක් පනවන ලදි. එහෙත් නොවැම්බර් මස 04 වැනිදා එම තහනම ඉවත් කෙරිණ. අන්තර්ජාතික තහනමෙන් මිදීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු වැනි ප්‍රධාන පෙළේ තරගාවලිය මෙයයි. 

පිට පිටම සිව්වැනි වතාවටත් ‘නිපෝන් පේන්ට්’ සමාගම අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම ලීග් තරගාවලියට මෙන්ම ක්ලිෆ්ර්ඞ් කුසලාන තරගාවලියටත් අනුග්‍රහය දක්වයි. 

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව පවතින ‘ඒ’ කාණ්ඩයේ රග්බි ක්‍රීඩා සමාජ 8 ම මෙවර තරගාවලියටත් ඉදිරිපත්ව සිටිති. සුපුරුදු පරිදි මූලික වටයේ තරග ලීග් පදනම මත පැවැත්වෙන අතර මූලික වටයේ තරග වලින් පසුව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටින කණ්ඩායම් 4 කුසලාන ශූරතාව සඳහාත්, පහළින් කණ්ඩායම් 4 පළඟ ශූරතාව සඳහාත් තරග වදිනු ඇත. 

අන්තර්ජාතික රග්බි ක්‍රීඩාවේ සමානව සැලකීමේ ප්‍රතිපත්තිය අනුව මෙවර ප්‍රධානතම තරගාවලියට කාන්තා කණ්ඩායම් 4 ක් ද එක්වී සිටිති. යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය කාන්තා ශූරතාව වෙනුවෙන් තරග වදිති. 

කාන්තා තරගයක් විනාඩි 45 කට සීමාවෙයි. අර්ධයක් විනාඩි 20 ක් බැගින් වූ තරගයේ අර්ධ දෙක අතර විවේක කාලය විනාඩි 5 කි. 

මේ දිනවල සවස් වරුවේ පවතින අඳුරු කාලගුණය හේතුවෙන් සියලුම තරග පස්වරු 3.45 ට ආරම්භ කෙරේ. හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග පමණක් පස්වරු 6.30 ට ආරම්භ කෙරේ. 


අදහස් (0)

අන්තර් ක්‍රීඩා සමාජ රග්බි 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.